මොණරකිරිල්ලි ටානියා චරිතය ගැන හුඟාක් අය කතා කළා



2018-04-11-ent-197

තුෂානි ද සිල්වා ඇයගේ නාමයයි. මේ තුෂානි මේ දිනවල ආලින්දයට එන්නේ, හඳයා ටෙලි මාලාව සමගයි. (සූම්) චිත‍්‍රපටය සමග රංගනයට පැමිණි කුෂානිගෙ රුව වැඩිදෙනෙක් හඳුනා ගත්තෙ රූපවාහිනි දැන්වීම් නිසයි.

 

තුෂානි මුනිල්ම ඔබ ගැන හැඳින්වීමක් කළොත්?2018-04-11-ent-196

මගේ ගම මහනුවර. ඉගෙන ගත්තෙ ශාන්ත අන්තෝනී කන්‍යාරාමයෙන්. පවුලේ අම්මා ගෘහණියක්. තාත්තා ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරයක නිරතයි. මම පවුලේ බාලයා. අක්කලා දෙදෙනෙක් ඉන්නවා. එක අක්කා කෙනෙක් රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. මගේ වයස අවුරුදු 24 යි.

 

ඇයි රඟපෑම තෝරා ගත්තේ?

පොඩි කාලයේ ඉඳලාම හීනයක් තිබුණා. ඒ හීනයට තමයි ළඟාවුණේ.

 

ඇයි රඟපෑම කෙරෙහි හීනයක් ඇතිවුණේ?

පොඩි කාලයේ ඉඳලාම එක එක හීන තියෙනවනේ. එදා ඉඳලාම මගේ ආසාව වුණේ නිළියක් වීමටයි. හැබැයි උසස් පෙළ කළේ වාණිජ අංශයෙන්. කොහොමහරි අන්තිමට නතර වුනේ කලා අංශයේ.

 

ඉගෙනීමෙන් ඉදිරියට යන්න හිතුවෙ නැද්ද?

ඉගෙනීමටත් දක්ෂ වුණා. තවමත් ඉගෙනීමෙන් ඈත්වෙලා නැහැ. වණිජ අංශයෙන් ඉගෙන ගන්නා අතරේ ්්ඔ පාඨමාලාවන් හදාරණවා. ඒවාට අමතරව මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංග පාසලේ සහ අනොජා වීරසිංහ මහත්මියගේ අභින රංග පාසලේ පුහුණුව ලබනවා. රවීන්ද්‍ර විජේරත්න මහතා යටතේ වැඩමුළු වලටත්, දායක වුණා.

 

තුෂානිට මොන වගේ චරිතද වැඩිපුර ලැබෙන්නේ?

බටහිර තාලයට හුරු දඟකාර චරිත තමයි වැඩිපුර ලැබෙන්නේ.

 

සැබෑවටත් දඟකාර චරිතයක්ද?

එහෙම කිව්වොත් හරි

 

මොනවද කළ දඟ වැඩ?

අම්මෝ කියන්න බැරි තරම්. දඟවැඩ නම් බොහොමයි.

 

තුෂානි හැබෑවට කොහොම කොනෙක්ද?

හරිම සංවේදී කෙනෙක්. නිතරම විනෝදයෙන් ගත කරන්න කැමතියි. ඕනෑම කෙනෙකුට උදවු කරන්න උත්සාහ ගන්නවා. හැබැයි වෙලාවකට නපුරුයි. යාළුවෝ උදව්වක් ඉල්ලූවොත් අනිවාර්්‍යයෙන්ම කරනවා.

 

‘හඳයා’ චරිතය ගැන කිව්වොත්?

ඒක ටිකක් වෙනස් චරිතයක්. අසාධාරණය පෙන්නන්න බැරි හොර වැඩ එහෙම වෙනවා නම්, ඒවා බොස්ට පෙන්වා දෙන චරිතයක්.

 

හඳයා හැර දායකවූ වෙනත් නිර්මාණ මොනවාද?

සුම් චිත‍්‍රපටය ඒමට නියමිතයි. ඊට අමතරව සුදේශ් වමන්තගේ නැතිබැරිටාසන් සහ දිට්ඨ නමැති චිත‍්‍රපටයේ රඟපෑවා. ඒවා තිරගතවීමට නියමිතයි. වැඩි දෙනෙක් මා ගැන කතා කරන්න පටන් ගත්තේ ‘මොණර කිරිල්ලි’ ටෙලිනාට්‍ය ‘ටානියා’ චරිතය සමගයි. මේ වන විට ටෙලිනාට්‍ය හයxහතකට විතර දායකවෙලා තියෙනවා.

 

රඟපෑම ‘තුෂානි’ ට දැනෙන්නෙ මොන විදියටද?

රඟපෑම එක අතකට අපේ ජීවිතයේම කොටසක් වගෙයි. සැබෑ ජීවිතයේදීත් සමහර අවස්ථාවලදී අපට රඟපාන්න වගේ අවස්ථා තියෙනවා. ඒ විදියට අපගේ ජීවිතයට අදාල කරගෙන වගේම චරිත අනුකරණය කරමින් දෙයක් කිරීම තමයි රංගනය. ඒ කරන රංගනයේදී තවත් මනුෂ්‍යයකුට ආදරයක්, වින්දනයක් ඇතිවන පරිදි ඒ රංගනය ඉදිරිපත් කළ හැකි නම් එය සැබෑ රංගනයක් වේවි.

 

මේ විදියට කලාව ගැන හිතන තුෂානිට, ආදරේ එහෙමත් දැනෙනවා ඇති?

ඒ ගැන දැන්ම කතා කරන්න බැහැ.

 

ඇයි පෙම්වතා තහංචි දාලාද?

එහෙම නැහැ.

 

මේ කැන්ඩි ලමිස්සිගේ හිතගත් පෙම්වතා නළුවෙක්ද?

නැහැ.

 

‘ආදරය’ කියලා දැනෙන්නේ?

ආදරය කියන දේ සුන්දරයි. හැබැයි කටුක පැත්තකුත් ඇති.

ඒක මනුෂ්‍ය ජීවිතයකට ලැබෙන අපූරු දෙයක් වෙන්න ඇති. ආදරය කියන දේ එක්ක ආත්මාර්ථකාමීත්වය ඇතුළු බොහෝ දේ තියෙනවා. ඒ වගේම වේදනාකාරී වෙන්නත් පුළුවනි. කොටින්ම කිව්වොත් ආදරේ කියන්නෙ ඇතුවත් බැරි, නැතුවත් බැරි දෙයක්. ගෙදරින් මට ලැබෙන ආදරය නිසා තමයි අද මම මේ වගේ ක්ෂේත‍්‍රයක සිටින්නෙ. තවම මම යැපෙන්නෙත් ගෙදරින්.

 

ක්ෂේත‍්‍රයේ සමීපම යාළුවෝ කවුද?

බොහෝ දෙනෙක් ඉන්නවා.

ඒ අතරින් අනුරාධා එදිරිසිංහ සහ ෂෙහානි පෙරේරා මගේ හොඳම යාළුවෝ.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2018-04-11-ent-195