'වස්සානයේ සඳ' මැයි 25 වැනිදා සිට



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-05-15-ent-26

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂක උදයකාන්ත වර්ණසූරියගේ 22 වැනි සිනමා නිර්මාණය වන ‘වස්සානයේ සඳ’ ලබන 25 වැනිදා සිට ප්‍රදර්ශනය කෙරේ.

එච්.ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්ඩාර හා උදයකාන්ත වර්ණසූරිය විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ බොහෝ රූපගත කිරීම් සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේදීය. පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජිව් බාන්ස්, ඕෂදී හිමාෂා යන නවක නළු නිළියන් තිදෙනා උදයකාන්ත සිනමාවට හඳුන්වා දෙයි.2018-05-15-ent-25

“ජීවිත තුළ පවතින මිනිස්කම හා සමාජ හැඩරුව මෙම චිත්‍රපටයෙන් විදහා දැක්වීමට මා උත්සාහ ගත්තා. ඒ වගේම අන්‍යයන්ගේ ආදරයත්, ලෙන්ගතු බවත් අපට මොනතරම් වටිනවද, අපේ ජීවිතවලට මොනතරම් ප්‍රාණයක් ලබා දෙනවාද කියන කාරණාත් මා මේ චිත්‍රපටයෙන් ඉස්මතු කරනවා. රසවත් කතාවක් කියන ගමන් අන්න ඒ සැබෑ මානුෂික ධර්මතාවන් ප්‍රේක්‍ෂකයන්ට දනවන්න සෑම විටම මා මේ චිත්‍රපටයෙන් උත්සාහ දැරුවා” යනුවෙන් උදයකාන්ත සිය නිර්මාණය සම්බන්ධව පවසයි.

‘සන්දේශ්’ උගත්, උසස් පාන්තික කඩවසම් තරුණයෙකි. ‘මිහිරි’ ඔහුගේ පෙම්වතියයි. බුද්ධි හීන එකම සොහොයුරා නිසා ඇය හා සන්දේශ් අතර විවාහයකට සන්දේශ්ගේ දෙමවුපියන්ගෙන් බාධා එල්ල වේ. පසුව සන්දේශ් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා ඔස්ට්‍රේලියාව බලා යයි.

ඔස්ට්‍රේලියාවේදී සන්දේශ් නතාශා නමැති තවත් සුරූපී යුවතියක් හා පෙමින් බැඳේ. දිනක් සිදුවන හදිසි අනතුරක් නිසා දෙපා අප්‍රාණික වී ඔහුගේ ජීවිතය පුටුවකට සීමා වේ. දෙදෙනා අතර විවාහයක් සඳහා නතාශාගේ දෙමවුපියන් විරුද්ධ වීම නිසා සන්දේශ් යළිත් ලංකාවට පැමිණේ.

ලංකාවේදී සන්දේශ්ට යළිත් මිහිරි මුණ ගැසේ. ඒ වන විට ඇයගේ ආබාධිත සොහොයුරා මියගොස් සිටි අතර, ඇය ගයන්ත නමැති තරුණයෙකු හා පෙමින් බැඳී සිටින්නීය. පසුව මිහිරිත්, ගයන්තත් එකතු වී සන්දේශ්ගේ ආබාධය සුවකර දීමට අප‍්‍රමාණ වෙහෙසක් ගනී. සන්දේශ්ගේ ඉරණම කුමක් වෙයිද?

 

  • කතාව, තිර රචනය හා අධ්‍යක්‍ෂණය

උදයකාන්ත වර්ණසූරිය
 

  • නිෂ්පාදනය

එච්.ඩී. ප්‍රේමසිරි, මහේෂ් කේ. බණ්ඩාර, උදයකාන්ත වර්ණසූරිය
 

  • කැමරා අධ්‍යක්‍ෂණය

අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි
 

  • ශබ්ද සංයෝජනය හා සංස්කරණය

ප්‍රවින් ජයරත්න
 

  • ගී තනු නිර්මාණය හා පසුබිම් සංගීතය

රෝහණ වීරසිංහ
 

  • අංග රචනය

ඉන්දික උදාර ලංකා
 

  • සහාය අධ්‍යක්‍ෂණය

ඩොනල්ඩ් ජයන්ත
 

  • කලා අධ්‍යක්‍ෂණය

අරුණ ඩයස්
 

  • ඇඳුම් පැලඳුම් නිර්මාණය

ශාන්ති වර්ණසූරිය
 

  • නිෂ්පාදන කළමනාකරණය

අශෝක ආරියරත්න 077-3575786
 

  • ගීත ගායනා

සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, උරේෂා රවිහාරි, අමල් පෙරේරා, ශශිකා නිසංසලා, දුමාල් වර්ණකුලසූරිය, අභිෂේකා විමලවීර
 

  • ගීත රචනය

සුනිල් ආරියරත්න, සුනිල් විමලවීර, කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැලියගොඩ, ආරියසිංහ පෙරේරා
 

  • රංගනය

අනුජ් රණසිංහ, පියුමි හංසමාලි, ඇන්ජලෝ සන්ජිව් බාන්ස්, ඕෂදී හිමාෂා, රවීන්ද්‍ර රන්දෙණිය, සුවිනිතා වීරසිංහ, අනුලා කරුණාතිලක, ශ්‍රීනාත් මද්දුමගේ, කිරුල හේරත්, සුසන්ත පි‍්‍රයදර්ශන, ගිවන්ත අර්ථසාද්, කුමාරි සේනාරත්න, ගයාත්‍රී පනන්වල

 

  2018-05-15-ent-27 2018-05-15-ent-28 2018-05-15-ent-29