රණවිරුවන් අකුරු කළ හදවතේ හැඟීම ‘බංකර් කුරුටු ගී’



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-05-15-ent-33

යුද භූමියේදී හදට දැනෙන හැඟීම ඇතැම් රණවිරුවෝ අකුරු කළහ.මිය යන්නට මොහොතකට මත්තෙන් ඔවුන් ලියා තැබූකවිසංකල්පනා තවමත් සුරක්ෂිතව පවතියි.එලෙස ලියැවුණු ඉතා අපූරු කවිසංකල්පනා දෙසියයක් පමණ අන්තර්ගත ප්‍රදර්ශනයක්’බංකර් කුරුටු ගී’ නමින් ජුනි මස 30 වැනිදා මැලේ වීදියේ ආරක්ෂක සේවා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට ආර්ය පදනම සූදානමින් සිටියි.

ආර්යය පදනමේ දසවැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ‘ජීවිතය මහපොළොවට මුදාහළ නාඳුනන රණවිරුවන්ගේ ලොව ප්‍රථම කුරුටු ගී ප්‍රදර්ශනය’ බව ඔවුහු සඳහන්කරති.රණක්ෂයට පත් රණවිරු සුභසාධන අරමුදල ගොඩනැගීම අරමුණු කරගනිමින් විල්සන් ගුණරත්නගේ චරිත 08ක් වේදිකා නාට්‍ය නිර්මාණයද එදිනම වේදිකාගත කිරීමට නියමිත අතර,මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා (09දා)මෝදර රොක්හවුස් හමුදාකඳවුරෙහිදේශන ශාලාවේදී පැවැත්විණි.විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වතුන් පිරිසක් සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් දැක්වූයේ මෙවන් අදහස්ය.

 

චරිත් කිරිඇල්ල

මාධ්‍යවේදී,වාර්තා සිනමා අධ්‍යක්ෂ

ආර්යය පදනමේ සභාපති

මේ මැයි මාසේ කියන්නෙ අපට සුවිශේෂී වූ මාසයක්.තිස් වසරක යුද්ධයේ නිමාව සිදුවුණේ මේ මාසයේදී.ඒ නිසා බොහෝ කටයුතු සිදුවෙනවා.අපටත් ලොව පළමු වතාවට රණවිරු කුරුටුගී ප්‍රදර්ශනයක් පවත්වන්නට ලැබීම ගැන සතුටුවෙනවා.කවදාවත් රණවිරුවන්ගේ මේ නිර්මාණ විධිමත් ලෙස සංරක්ෂණය වුණේ නැහැ.රණවිරුවන්ගේ නිර්මාණ එකතුවක් ලෙස මේ රට තුළ භාවිතයට ගත්තේ නැහැ.ඒ කාරණය නිසාතමයි ආර්යය පදනම යුදහමුදාව සමග එක්ව මේ 

කාර්යය කරන්න යොමුවුණේ.පසුගිය කාලය පුරාම රණවිරුවන් මියයෑමට මත්තෙන් ඔවුන් විසින් ලියූ නිර්මාණ විවිධ පාර්ශ්වයන්ගෙන් එකතු කරගනු ලැබුවා.විශේෂ කාරණයක් මතක් කළ යුතුයි. හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා මේ නිර්මාණ කාලයක් පුරා එකතු කරලා තිබුණා. ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මැතිතුමාගේ මැදිහත්වීමෙන් මේ එකතු කළ නිර්මාණවලින් කොටසක් අදවනවිට පනාගොඩ සංරක්ෂණය කර පවතිනවා.සරත් වීරසේකර මහතාත් නාවික හමුදාවේ සිටින කාලය පුරා නිර්මාණ එකතු කර තිබුණා.මමත් පසුගිය වසර දහය පුරාම මේ නිර්මාණ එකතු කළා. ඒ නිර්මාණ තමයි මෙම ප්‍රදර්ශනයට අන්තර්ගත වෙන්නේ.වධකාගාරවල සිටි හමුදා නිලධාරීන් ලියූ නිර්මාණත් තිබෙනවා.අපි මේ නිර්මාණ තමන්ගේ හෘදසාක්ෂියේ නිර්මාණ ලෙස හඳුන්වන්න කැමතියි.

2018-05-15-ent-34


 

හිටපු යුද හමුදාපති ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා

ආර්යය පදනමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ

ආර්යය පදනම මගින් මෙතෙක් කල් අපි යම් යම් දේවල් ඉටුකර තිබෙනවා.විසි හත්දහසක් පමණ මියගිය රණවිරුවනුත්, විසි පන්දහසක් පමණ ආබාධිත වූ අපගේ රණවිරුවන්ටත් යම්කිසි සේවයක් ඉටුකිරීම සඳහා අපි ඇපකැපව වැඩ කරනවා.නොයෙකුත් අංශවල සේවය කරන රැසක් කැපව වැඩ කරනවා.අපට දේශපාලන අරමුණු නැහැ, අපේ එකම අරමුණ රට වෙනුවෙන් දෙයක් කිරිම.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක රොෂාන් මහනාම

ආර්යය පදනමේ තානාපති

මගේ ජීවිතයේ තුනෙන් දෙකක්ම මම දැක්කේ යුද්ධය.එය දැන් නිමවී තිබෙනවා.මම දේශපාලනඥයෙකුට කිසිම අවස්ථාවක හිස නමන්නේ නැහැ.නමුත් රණවිරුවෙකුට මම ඕනෑම අවස්ථාවක හිස නමනවා.මට මුණුබුරෙක්, මිණිබිරියක් ඉන්නවා.ඔවුන්ගේ ඉදිරි අනාගතයටත් මීට වඩා හොඳ තත්ත්වයක් මේ රට තුළ නිර්මාණය විය යුතුයි කියලා මට හිතුණා.ඒ නිසා තමයි මම මේ පදනම හා එක්ව විවිධකටයුතු කරන්නේ.මට හැකි සෑමවිටම මේ පදනම හා එක්ව කටයුතු කරනවා. මේ රටේ මෙවන් යුද්ධයක් නැවත දකින්නට නොලැබේවා.අපි යම් ස්ථානවලට යද්දි අපිව වීරයන් ලෙස සලකනවා.මං හිතන්නේ අපේ රටේ සැබෑම වීරයන් මේ රණවිරුවන්.

 

 

2018-05-15-ent-32

ප්‍රවීණසිනමා රංගධර ඩග්ලස් රණසිංහ මහතා

රටක යුද්ධයක් නිම වූ පසු එරට තුළ යුද සාහිත්‍යයක් බිහිවෙනවා.නමුත් අපේ රටේ ඒ දේ සිදුවුණේ හරි අඩුවෙන්.යුද සාහිත්‍යය ගැන අදහස ඉදිරිපත් කළේ අපි.බංකර් කුරුටු ගී රණවිරුවන් අතින් නිර්මාණය වුණේ බොහෝ සංවේදි අවස්ථාවලදී.ජීවිතයත්, මරණයත් අතර කාලපරාසයක කිසියම් මානසික පීඩනයකට ලක්ව ඉන්න සෙබළෙක් තමන්ට විවේකයක් ලැබුණු මොහොතක ලියුගී නැවත සංස්කරණය කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එයයි මෙහි ඇති වටිනාකම. එක් සෙබළෙක් මෙහෙම ලියනවා..

 

ලොවක් නැත මා පතන

ඔබ නොමැති සිහිනයක්

හෙටක් නැත මා පතන

ඔබ නොමැති සිහිනයක

තනිව හඬනා රැයක

නෙතු කඳුළු අසපුවේ

තනිව ඉමි සදා කල්

තිබෙනතුරු ජීවිතේ..

 

තවත් සෙබළෙක් මෙවැනි කවියක් ලියනවා

 

වෙඩි හඬක් ඇසෙන විට

තැති ගන්න නුඹලාට

ලේ බිඳක් වැටෙන හඬ

හදවතට දැනේවිද?

 

2018-05-15-ent-31

 

ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් ගුණරත්න මහතා

මගේ චරිත අටක් නාට්‍යය ප්‍රදර්ශනය පැවැත්වෙන දින වේදිකාගත වෙනවා.මම නාට්‍යය හරහා කතා කරන්නේ නිවැරදි පුද්ගලයන් තනතුරුවලට පත්විය යුතුයි කියන කාරණය.දෙවැන්න මේ මාතෘ භුමියේ අභිමානය නැංවීම නිසා අයිතිය හා වගකීම දැක්වීම.මේ චරිත අට රටේ දේශපාලන කරළියේ සිදුවන දේවල් නිසා වෙනස් වෙනවා.මේක බංකර්කුරුටු ගී විප්ලවයක් නොවන විප්ලවයක් වෙයි.එය චිත්ත විප්ලවයක් බවට පත්වේවි.

 

නිදුක් මදුෂික

 

2018-05-15-ent-30     2018-05-15-ent-35 2018-05-15-ent-36 2018-05-15-ent-37 2018-05-15-ent-38 2018-05-15-ent-39