“මකරන්ද” පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි 09දා



2018-05-16-makaranda-1

පැරණි නූර්ති, නාඩගම්, මානව වංශ, ක්‍ෂේත්‍රගත ගීත සහ අතීත හා වර්තමාන රසික පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වූ ගී සමග වර්ණවත් වන “මකරන්ද” පංච පුද්ගල ගී ප්‍රසංගය ජුනි මස 09 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. නිශ්ශංක දිද්දෙණිය, රොඩ්නි වර්ණකුල, ඉන්දිකා උපමාලි, නිලක්ෂි හැලපිට, සමන් ලෙනින් හා ප්‍රවීණ සංගීතඥ නවරත්න ගමගේ යන කලාකරුවන් මෙම ප්‍රසංගය සඳහා සහභාගී වේ.  

සමන් අතාවුද හෙට්ටි, නිමල් ඒකනායක, බුද්ධදාස ගලප්පත්ති හා අනුර බණ්ඩාර රාජගුරු යන අය විසින් ප්‍රසංගය සංවිධානය කරති.