“රයිගමයයි ගම්පලයයි” පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට



ලලිත් ප්‍රේමතිලකගේ පලමු සිනමා නිර්මාණය වන “රයිගමයයි ගම්පලයයි” ළමා චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. “රයිගමයයි ගම්පලයයි” ළමා චිත්‍රපටය සඳහා කුමාර තිරිමාදුර, ගිරිරාජ් කෞෂල්‍ය, විජේරත්න වරකාගොඩ, පියුමි හංසමාලි, ලක්ෂ්මන් අමරසේකර ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වනවා.

තිස්ස නාගොඩවිතාන චිත්‍රපට වෙනුනේ හරේන් නාගොඩවිතාන විසින්  “රයිගමයයි ගම්පලයයි” සිනමා නිර්මාණය නිෂ්පාදන කාර්යය සිදු කර තිබෙනවා.

“රයිගමයයි ගම්පලයයි” ළමා චිත්‍රපටය ළඟදීම දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීමට නියමිතයි.

එම පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න..