රුක්මන්ගේ අලුත්ම සින්දුව



2018-06-11-ent-23

සිරස ‘සුපර් ස්ටාර්’ තරුවක් වන රුක්මන් අසිත තරුණ පරපුර අතර නිතරම ජනප්‍රිය යොවුන් ගායන ශිල්පියෙකි. තමාටම ආවේණික වූ ශෛලයකින් ගී ගායන රුක්මන් විවිධ තෙමා ඔස්සේ ගීත නිර්මාණය කරන්නෙකුද වෙයි. මේ දිනවල ඔහුගේ අලුත්ම ගීතයක් අසන්නටත් දකින්නටත් ලැබෙන අතර, ඔහු ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැනි අදහසකි.

‘මේ ගීතය නම් කරලා තියෙන්නේ ‘පණිවිඩය’ කියලා. ලිව්වේ ශෙහාන් ගලහිටියාව. සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ. ගීත රූප රචනාව කළේ 7060 විඩියෝ ටිම් එක. මේක වෙනස් මාතෘකාවක් ඔස්සේ නිර්මාණය වුණ ගීතයක්.දෙරණ රූපවාහිනි නාලිකාවේ වගේම ටි.වී වන් රූපවාහිනි නාලිකාවේ විකාශය වන ගීත දර්ශකවල පවා මේ ගීතය දැන් තියෙනවා. බොහෝ දෙනෙකු මේ ගීතයට කැමැත්තක් දක්වලා තියෙනවා. යුටියුබ් සමාජාල වෙබ් අඩවිය තුළින් මේ ගීතය නරඹපු වාර ගණන ඒකට සාක්ෂියක්.’