ඩොනල්ඩ් ජයන්ත කලා කීර්ති දේශාභිමානී දේශගෞරව සම්මානයෙන් පිදුම් ලබයි



2018-06-12-ent-43

වර්තමාන ශ්‍රී ලාංකේය සිනමාවේ අත්දැකීම් බහුලම සහාය අධ්‍යක්‍ෂවරයෙකු වන ඩොනල්ඩ් ජයන්ත මහතා පසුගිය මැයි 27 වැනිදා කලා කීර්ති දේශාභිමානී දේශගෞරව සම්මානයෙන් පිදුම් ලැබීය.

සමස්ත ලංකා සංස්කෘතික පදනමේ සභාපති, අධ්‍යක්‍ෂ ජනරාල්, දේශමාන්‍ය සුදර්ශන ගමගේ මහතා විසින් ඔහු වෙත එම සම්මානය පිරිනමන ලදී.

සහාය අධ්‍යක්‍ෂණය කරමින් නිර්මාණ අර්ධ ශතකයක් පසුකර සිටින ඔහු විසින් අධ්‍යක්‍ෂණය කරන ලද "ප්‍රවේගය" සහ "මායා" පසුගිය කාලවකවානුවේ තිරගත විය.

පුරා දශක තුනක පමණ සිට සිනමාවට අමිල මෙහෙවරක් කරන ඔහු මීට පෙරද ගෞරව සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.

මේ දිනවල %මිස් ජෙනිස්^ හා %ආදර හීනය^ චිත්‍රපට සහාය අධ්‍යක්‍ෂණය කරන ඔහු, මාතර කොටපල ජාතික පාසලේ ආදි ශිෂ්‍යයෙකි.