සංගීතවේදී සිරිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රවීණ සංගීතවේදී සිරිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 73 හැවිරිදි වියේ පසුවූවා.

කලක් රෝගාතුරව සිටි ඔහු කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.

බොහෝ දෙනෙක් මහත් ආදරයෙන් වැලඳගත් ගීතාවලියක සංගීත නිර්මාපකයා වූයේ සිරිල් පෙරේරා මහතායි.

කරුණාරත්න දිවුල්ගනේ ගයන සේපාලිකා ,අසංක ප්‍රියමන්ත ගයන 'හුදෙකලා විරාමයේදි', කිත්සිරි ජයසේකරගේ 'මී පැනි රහසක්', ඔය ඇස්පියා ඔහොම ඉන්න, රොඩ්නි වර්ණකුල ගයන 'සිරියාවි නුඹට මම' වේරලියද්ද ගේ 'කුස පබාවතී', 'නන්දනීය පෙම' ඇතුළු ජනප්‍රිය ගී රැසක සංගීත අධ්‍යක්ෂනය කළ සංගීතවේදී සිරිල් පෙරේරාය .

එතුමාට නිවන් සුව ලැබේවා...

20180613Cyril-1