“තාත්තයි පුතයි” දෙසැම්බර්වලදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-12-nuwan-1

ගයාන් ගුණවර්ධන කියන්නේ ප්‍රවීණ ගායක නුවන් ගුණවර්ධන මහතාගේ ආදරණීය පුතා. නුවන් ගුණවර්ධන වගේම ගයාන් කියන්නෙත් සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් ආදරය දිනාගත් තරුණ ගායකයෙක්. ඉතින් ගයාන් - නුවන් එකතුවෙලා ප්‍රසංගයක් කරන්න සූදානම් වෙනවාලු. ඒ තමයි “තාත්තයි පුතයි” ප්‍රසංගය. මේ ප්‍රසංගය ගැන ගයාන් මාධ්‍යයට කියලා තිබුණේ මෙන්න මෙහෙමයි.

“වසරේ දෙසැම්බර් මාසයේ තාත්තයි පුතයි කියලා ප්‍රසංගයක් කරන්න සූදානම් වෙනවා. තාත්තා මගේ ගීතත් මම තාත්තාගේ ගීතත් වගේම තවත් බොහෝමයක් ගීත (සිංහල, බටහිර, හින්දි) ගායානා කරන්න  සූදානමින් සිටිනවා. මෙම ප්‍රසංගය ලස්සන ප්‍රසංගයක් වේවි කියලා විශ්වාස කරනවා. මගේ ප්‍රේක්ෂක සියළු දෙනාටම ආරාධනා කරනවා එදාට අපිත් සමග සතුටු වෙන්න තාත්තයි පුතයි ප්‍රසංගයට පැමිණෙන්න කියලා.”