දන්ත වෛද්‍ය, අසේල විජේසුන්දරගේ පළමු ගේය පද රචනාව එළිදැක්වීම 10දා



2018-08-08-ent-11

දන්ත වෛද්‍ය අසේල විජේසුන්දර යනු ගීත විචාරකයෙකු ලෙසින් කලාව තුළ විශාල මෙහෙයක් ඉටු කරන පුද්ගලයෙකි. ඔහුගේ පළමු ගේය පද රචනය තව නොබෝ දිනකින් සිය රසිකයන් වෙනුවෙන් තිළිණ කිරීමට නියමිතය. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔහුව සම්බන්ධ කර ගැනීමට අද අප සිතුවෙමු.

 

මේ ගීතය ගැන කතා කළොත්?

මේ ගීතය නිර්මාණය වන්නේ ඉසුරුමුණි පෙම් යුවළ මම දකින්නේ කොහොමද කියන එක සහ වර්තමාන සමාජයේ ගැහැනිය කියන සංකල්පය මතයි. මේ ගීතය ගැන සම්පූර්ණ තේරුම මම දැන්ම කතා කරන්න කැමති නැහැ. මොකද ගීතයක් එක් එක් අය දකින විදිහ වෙනස් වෙන්න පුළුවන්. කසුන් කල්හාර තමයි මේ ගීතයේ සංගීත නිර්මාණය සහ ගායනය සිදුකරන්නේ. ඉතින් කසුන් මේ ගීතය ගායනා කරද්දී තාරුණ්‍ය සහ ආදරය කියන දේ දැනෙනවා. මේ ගීතය මගේ පළමු පද රචනයයි. මම කලාව තුළ කරන්නේ ගීත විචාරය කරන එක. %දේශය^ පත්‍රයේ මගේ දැක්මෙන් මම ගීතයක් විචාරය කරනවා. ගීතයක් කොහොමද සමාජයට වැදගත් වන්නේ, ගීතයක් ඇයි මිනිස්සු රසවිඳින්නේ යන කාරණා ඉස්මතු කරමින් මම ගීත විචාරය කරනවා. ඉතින් ඒ අත්දැකීම් සහ ඒ දැනුමෙන් නිර්මාණය වුණු පළමු ගීතය තමයි මේ. ගීත රචකයා විදිහට මම රසිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ ගීතය රසවිඳින්න, ඊට පස්සේ ගීතය ගැන අපිට කියන්න කියලා.

 

ගීතය එළිදක්වන්නේ කවදාද?2018-08-08-ent-12

අගෝස්තු 10දා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සවස තමයි මේ ගීතය එළිදක්වන්න අපි සූදානම් කරලා තියෙන්නේ. ප්‍රවීණ ගායක ගායිකාවන් සහ කලාකරුවන් කිහිපදෙනෙක් එදාට සහභාගි වෙනවා. එතනින් පස්සේ ගීතය අහන්න හැමෝටම හැකියාවක් පවතිනවා.

 

වර්තමානයේදී ගීතයක් ප්‍රේක්ෂකයා අතරට යෑමට රූප රචනාවක් වැදගත් වෙනවා. ඒක ඔබේ ගීතයට බලපාන්නේ නැද්ද?

ගීතයක් ජනතාව අතරට යෑමට රූප රචනාවක් අවශ්‍යයැයි කීම හදාගත්තු මතයක් විතරයි. ගීතයක වචන තුළ අර්ථයක් නොමැති, ගීතයේ අර්ථය තේරුම් ගැනීමට නොහැකි, ඒකේ තිබෙන කතාව, ගැඹුර තේරුම් ගන්න බැරි, අහුවෙන වචන දාලා නිර්මාණය කරන ගීතවලට නම් වීඩියෝ එකක් කරලා ගැහැනු ළමයෙක්ගේ ශරීරයේ කොටසක් පෙන්නලා ජනප්‍රිය කරගන්න මිනිස්සු උත්සහ කරනවා. කලාව කියන දේ ආනන්දයෙන් ප්‍රඥාවට එන්න ඕනේ. කලාව තුළින් ප්‍රඥාවක් ගොඩනැගෙන්නේ නැත්නම් ඇත්තටම කලාව සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ කෘතිය සම්භාව්‍යයි කියලා කෙනෙකුට හිතන්න පුළුවන්. ගීතයකට රූප රචනාවක් කරන්නම ඕනේ කියලා එකක් නැහැ. මම කියන්නේ ගීතයකට රූප රචනාවක් නිර්මාණය කළාම ඒක තුළට මිනිස්සු කොටු වෙනවා. මම හිතන්නේ ගීතයක් රස විඳලා රසිකයාම තමන්ගේ හිතින් වීඩියෝ එකක් නිර්මාණය කරගන්න ඕනේ කියලායි.

සියක් දහසක් ඇවිත් යන්නැතිසොඳුරියේ අප දෙස බලාවැවේ දිය කඳ දන්නවා ඇතිදියවරේ හැංඟුණු කතා

ඉසුරු කුමටද සඳළු තලයකසැපකි මට මේ පවුර පාමුලනුඹම පමණයි එකම ගැහැනියකළු ගලක හද ගැස්ම හඳුනන

අනෝරා වැහි ඇද වැටෙන විටපපුතුරේ උණුහුම රකින නුඹසෙල්රැවක් වී උන් නිසාමදනොගියෙ මා මෙහි අතරමං කොට

 

 

සටහන - කැළුම් දේවින්ද