“මාලනී රංග න්‍යාය” එළිදකියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ශ්‍රී ලාංකේය සිනමාවට දැවැන්ත මෙහෙවරක් සිදුකරනු ලැබූ ප්‍රවීන රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකාගේ සිනමා දිවියට දශක 5ක් පිරීම නිමිත්තෙන් “මාලනී රංග න්‍යාය” නමින් පර්යේෂණ ග්‍රන්ථයක් එළිදැක්වුණි.

ප්‍රවීන සිනමාවේදී ජැක්සන් ඇන්තනි විසින් රචිත මෙම ග්‍රන්ථය ජනගත කරනු ලැබුවේ ඊයේ (08දා) දිනයේදීය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී මෙහි උත්සවය පවත්වනු ලැබීය. මෙම උළෙල මාලිනියගේ සිනමා දිවියට වසර 50 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ අභිනන්දන සැමරුම් උත්සව මාලාවේ සමාරම්භකය ලෙස පැවැත්වුණි.

ආචාර්ය මාලනී ෆොන්සේකා පදනම සහ කැලණිය විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර පීඨය එක්ව සංවිධාන කළ මෙම වැඩසටහන සඳහා සම්භාව්‍ය අමුත්තන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

20180809Malani-1