කෞමිණිට වැඩ ගොඩක් ලැබිලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-12-ent-14

ස්වාධින රූපවාහිනියේ විකාශය වූ ‘පිනි’ ටෙලි නාට්‍යයේ ‘රංගනි’ ලෙස බොහෝ පිරිසක් අතර ජනප්‍රිය වූ කෞවුමිණි වර්ණා විමලසිරි මේ දිනවල ටෙලි නාට්‍යය හා චිත්‍රපට කිහිපයකටම සම්බන්ධ වී සිටියි. රංගන ශිල්පිණියක් ලෙස කාර්යබහුලව සිටින ඇය සිය කාර්යබහුල්තවය පිළිබඳව ‘සාරවිට’ අපිට පැවසුවේ මෙවැන්නකි.

‘පසුගිය දිනවල මා රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වුණා. ඒ නිසා පොඩ්ඩක් විතර නිදහසක් ලැබුණා. දැන් ආයෙත් කලා නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්න නිසා තරමක කාර්යබහුලත්වයකින් ඉන්නවා. සෝමරත්න බාලසූරියන්ගේ ‘සුනාමි’ කියලා චිත්‍රපටයක රඟපෑවා. එහි මා හෙදියක් විදිහට පෙනි ඉන්නවා. ඊට අමතරව අරුණ දයන්ජිත්ගේ ‘දාස් පෙතියා’ කියලා ටෙලි නාට්‍යයකට මම සම්බන්ධ වුණා. එහි මා රඟපාන්නේ ‘මුතු’ කියලා චරිතයක්. තවත් ‘නිල්වලා’ ආයතනයෙන් කරන නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. පහුගිය දිනවල රූපවාහිනි වෙළෙඳ දැන්විම් කිහිපයකටත් මම දායක වුණා.’