Vasantham TV නාලිකාවේ ආවරණ කලාපය ව්‍යාප්ත කිරීමට රු.මි 304ක්



දමිල ජනතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය විසින් ආරම්භ කරනු ලැබූ Vasantham TV නාලිකාවේ ආවරණ කාලපය ව්‍යාප්ත කිරීමට යෝජානාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. 

මේ වනවිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය කරමින් ප්‍රේක්ෂකයන්ට සේවා සැපයූ අතර, පසුව යාපනය, නැගෙනහිර පලාත හා කොකා විල් ප්‍රදේශය දක්වා ව්‍යාප්ත කර තිබේ. ඒ අනුව අනෙකුත් ප්‍රදේශවල වෙසෙන දමිල ජනතාව වෙනුවෙන් මෙම නාලිකාව නැරඹීමේ පහසුකම ලැබෙන පරිදි රුපියල් මිලියන 304 ක මුදලක් යොදවමින් විකාශන පහසුකම් ව්‍යාප්ත කිරීමට සූදානම් වෙයි.

20180912Vasantham-1