පාසල් දරුවන් වෙනුවෙන් කැපවෙන අයේෂා



2018-09-12-ent-23

අයේෂා මධුෂානි වෘත්තියෙන් නිරූපිකාවක් හා නර්නත ශිල්පිනියකි. එහෙත්, මෑතක සිට ඇය ටෙලි නාට්‍යයට රංගනයටද එක්ව සිටින අතර, පසුගිය දිනවල ඇය රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය විය. ඒ අතර, ‘පිනි’ හා ‘සුදුඅඟුරු’ ටෙලි නාට්‍යය අතිශය ජනප්‍රිය විය. එහෙත්, මේ දිනවල අයේෂා රංගනයෙන් තාවකාලිව ඉවත්ව සිටින අතර, අයේෂා ඒ පිළිබඳව ‘සාරවිට’ අපිට මෙසේ පැවසුවෙමු.

‘මේ දිනවල රංගනය පැත්තට පොඩ්ඩක් සම්බන්ධ වෙන එක මම අඩු කළා. මොකද, මම සමාජ සේවා කටයුතුවල දැනට නිරත වෙලා ඉන්න නිසා. මගේ පළමු වැයම වුණේ දුෂ්කර පළාත්වල සිටින පාසල් දරුවන්ට සිය අධ්‍යාපන කටයුතුවලට ආධාර ලබා දෙන එක. එහි මුල් පියවර ලෙස පසුගියදා මහලකොටුව විද්‍යාලයේ සිසු දරුවන්ට ඒ අවශ්‍යය කරන ආධාර ලබාදුන්නා. මේ පාසල තියෙන්නේ රිවස්ටන්වල. රිවස්ටන්වල ඉඳලාත් කැලැව මැදින් තමයි යන්න ඕනා මේ පාසලට. ගොඩක් දුෂ්කර පාසලක්. මේ ආධාර ලබාදුන්නේ පළමු ශ්‍රේණියේ ඉඳලා පස්වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවන්ට. මේ සමාජ සත්කාරය ඉදිරියටත් මම කරගෙන යනවා. මේ සියලු දේවල් කරන්නේ මගේ මුදල් හා ශ්‍රම දායකත්වයෙන්.’