කලංට දැන් හොඳටම සුවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-13-kalan-1

ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා පසුගිය දිනවල අසනීප තත්වයෙන් පසු වුණා. මේ ආරංචිය එතුමාට ආදරය කරන රසික පිරිස් සහ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් කැළඹීමට ලක් වුණු ප්‍රවෘත්තියක් වූවා. මේ වනවිට තමා නිරෝගීව සිටින බවත් රෝගාතුරව සිටින කාලය තුළදී තමාට උපකාර කළ සැමට ස්තූතිය පල කරන ලෙස මාධ්‍යට දැනුම් දෙන ලෙසත් මාධ්‍යවේදී නුවන් නයනජිත් මහතාට කලංසූරිය මහතා පැවසූ බව නුවන් නයනජිත් මහතා තම ෆේස්බුක් ගිණුම තුළ සටහනක් යොදා තිබෙනවා.

මේ එම සටහනයි..

'මා හිතාදර මිතුරු මිතුරියනි.අද උදෑසන මගේ ජංගම දුරකථනය නාද වූයේය.මා ඒ දෙස බැලූ කල එහි මුහුණතෙහි “Kalan uncle”යන්නෙන් සටහන් වී තිබිණ.මා ඊට පිළිතුරු සපයන්නට පටන් ගත්තේ එතුමාගේ හඬ ඇසේවා යන පැතීමෙනි.එය එලෙසින්ම ඉටු විය. කලං අංකල් මා ඇමතුවේය. එය එතුමාගේම වචනයෙන් මෙසේය. “පුතා මට අද තමයි හරිහැටි සිහියක් ආවේ. පසුගිය මාසයක කාලයක් මට මොනවා වුණාද කියලා මම දැනගෙන හිටියේ නෑ.මට වෙච්ච දේ ගැන පවුලේ අයගෙන් මම දැනගත්තා. තව ජීවත් වෙන්න මං පින් කරල තිබුණා කියල හිතුණා. පුතා මං ඔයාට කතා කළේ මංදැඩි ලෙස අසනීප වෙලා රෝහල් ගත වෙලා හිටපු කාලේ මට විවිධාකාරයෙන් පිහිට වූ උපකාර කළ වෛද්‍යවරු රෝහල් කාර්ය මණ්ඩලය ,ජනාධිපතිතුමා සහ ප්‍රවීණ කලාකරුවන් ඒ වගේම මගේ ජීවිතේ රැකල දෙන්න කියලා ඉල්ලා සිටිමින් බෝධි පූජා කළ, යාඥා කළ මට අසීමිතව ආදරය කරන මේ රටේ ජනතාවට මං ඉතා ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා කියලා ඔයාට ලියන්න කියන්න.මේ බව පත්‍රවලටත්, මාධ්‍යයටත් දැනුම් දෙන්න.බොහොම පින් හැමෝටම.'