ගයාන් පීරිස්ගේ 'මහෞෂධ නොදුටු පැන' 19දා එළි දකී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-14-ent-01

ගයාන් පීරිස් විසින් රචනා කරන ලද 'මහෞෂධ නොදුටු පැන' කාව්‍ය සංග්‍රහය එළි දැක්වීම මෙම මස19දා ප.ව. 4.00ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

මෙහි ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා විසින් සිදුකරන අතර, සෙසු දෙසුම් පවත්වනු ලබන්නේ සම්මානලාභී ගේය පද රචක අමිල තේනුවර සහ ප්‍රවීණ ගේය පද රචක හා සාහිත්‍යවේදී සුනිල් ගුණවර්ධනයන් විසිනි.

ගයාන් පීරිස් විසින් රචනා කරන ලද දෙවැනි කාව්‍ය සංග්‍රහය මෙය වන අතර, සම්පූර්ණ සිව්පද සහ සේයා රූ සමායෝජනයෙන් මෙම කාව්‍ය කෘතිය සංගෘහිතය.