'ඔබම මාද විය' ආචාර්ය කේමදාසයන්ගේ දහවැනි ගුණ සමරුව වෙනුවෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-09-14-ent-02

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වියෝ වී දසවසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන ‘ඔබම මාද විය’ ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් මස 24 වැනිදා සවස 7.30 සිට බණ්ඩාරනායක ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ගයත්‍රි කේමදාස හා අනූපා කේමදාස දෙදෙනාගේ මූලිකත්වයෙන් කේමදාස පදනම හා එක්ව ‘kites ads & idea’ ආයතනය එක්ව මෙම ප්‍රසංගය සංවිධානය කරයි.2018-09-14-ent-03

මෙහිදී කේමදාසයන් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට, වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ කේවල ගීත නිර්මාණ ඔපෙරා සංධ්වනිය පදනමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා අමල් පෙරේරා, මිහිඳු ආරියරත්න, ප්‍රදීපා ධර්මදාස, සන්ධ්‍යා බුලත්සිංහල, ලෙස්ලි ප්‍රනාන්දු හා ඉන්දිකා උපමාලි විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.

ගයත්‍රි කේමදාස මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකරන අතර, විසි පස් දෙනෙකුගෙන් යුතු වාද්‍ය වෘන්දයක් මේ සඳහා දායකත්වය සපයයි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවේදී අදහස් දැක්වූ ගයත්‍රි කේමදාස මහත්මිය,

“මේ වනවිට මගේ තාත්ත නැතිවෙලා වසර දහයක් වෙනවා. කේමදාස පදනම මගින් මේ කාලය තුළත් නොයෙකුත් සංගීත පර්යේෂණ, ප්‍රසංග, චිත්‍රපට උළෙලවල් සිදුකර තිබෙනවා. මේ වසරේ ‘kites ads & idea’ ආයතනයේ ඉල්ලීමත් එක්ක තමයි මේ ප්‍රසංගය කරන්න යොමුවුණේ. මෙහිදී තාත්තගේ ගීත පමණක් නෙමෙයි ඔපෙරාවල කොටස්, වේදිකා නාට්‍යවල කොටසුත් ගායනා වෙනවා. මෙහිදී තාත්තා එක්ක නිර්මාණ කළ අය වගේම නව පරපුරේ අයත්, පදනමේ ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් දායක වෙනවා.

කේමදාස පදනම තුළින් තාත්ත හැමවිටම උත්සාහ කළේ අලුත් පරම්පරාවක් ගොඩනංවන්න. බොහෝ අවස්ථාවල නොඇසුණ ගීත හා සංගීත ඛණ්ඩ තමයි එදිනට ඉදිරිපත් වෙන්නේ. එදිනට පැමිණ මේ ගීත අහන්න හැමෝටම මම ආරාධනා කරනවා”

යනුවෙන් සඳහන් කළාය.

 

නිදුක් මදුෂික