'රොමේෂ් විත් ටියුන්ස්' කණ්ඩායම ගැන රොමේෂ් කියන කතාව



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-09-18-ent-14

රොමේෂ් සුගතපාල යනු තරුණ පරපුර අතර අතිශය ජනප්‍රිය සංගීතඥයෙක් මෙන්ම ගායකයෙක්ද වේ. අලුත් දෙයක් සිය රසික පිරිස් වෙත ලබා දීමට නිරන්තරයෙන්ම උත්සාහ කරන රොමේෂ් මේ දිනවල සිය ‘රොමේෂ් විත් ටියුන්ස්’ සංගීත කණ්ඩායම සමග කාර්යබහුල වී සිටියි. පසුගිය දිනවල ‘රොමේෂ් විත් ටියුන්ස්’ සංගීත කණ්ඩායම බෙදිගිය බවට සමාජජාලා හරහා කතාබහට ලක්වූ අතර, ඒ පිළිබඳවද අපි ඔහුගෙන් මෙසේ විමසුවෙමු.

 

සංගීත කණ්ඩායම බිඳවැටුණ බවට කතාවක් යනවා ඇත්තද?2018-09-18-ent-15

නැහැ. ‘රොමේෂ් විත් ටියුන්ස්’ සංගීත කණ්ඩායම එදා වගේම අදත් ඒ ආකාරයෙන්ම මම පවත්ව ගෙන යනවා. පසුගිය දිනවල මගේ සංගීත කණ්ඩායමේ හිටිය කිප දෙනෙක් ඉන් ඉවත් වෙලා ගියා. ඔවුන් ඒ පිළිබඳව සමාජජාලා හරහා විවිධ ලිපි පළ කර තිබුණා. ඔවුන්ගේ ඉවත්වීම හරහා මගේ සංගීත කණ්ඩායමට ගැටළුවක් පැණ නැගිලා නැහැ. ඉවත්ව ගිය ඔවුන් වෙන්වෙන් මම වෙනත් පිරිසක් සංගිත කණ්ඩායමට සම්බන්ධ කරගත්තා.

 

භාරගත්ත ප්‍රසංග අවලංගු වුණාද මේ සිදුවීම හරහා?

නැහැ. මොකද, ‘රොමේෂ් විත් ටියුන්ස්’ කියන්නේ මා විසින නිර්මාණය කළ සංගීත කණ්ඩායම. මෙහි වැඩකටයුතු සිදුවන්නේ මගේ තිරණවලට අනුව. ඒ වගේම මිනිස්සු ‘රොමේෂ් විත් ටියුන්ස්’ සංගීත කණ්ඩායමට වැඩ දෙන්නේ මගේ නම. ඉතින් වැඩ ලබා දෙන පිරිස දන්නවා මම වැඩක් භාරගත්තොත් ඒ වැඩේ කවදාවත් අතපසු කරන කෙනෙක් නෙවෙයි කියලා. ඒ හින්දා ඉදිරියට භාරගත්ත අපි වැඩ ඒ විදිහටම සිදුවෙනවා.

 

ඉවත්ව ගිය පුද්ගලයන් එක්ක මතගැටුමක් තියෙනවාද?

කිසිම පුද්ගලයෙක් එක්ක මගේ ගැටුමක් නැහැ. මම හිතන්නේ ඔවුන් අතරේත් මා සමග එහෙම දෙයක් නැහැ. සමාජජාලාවල පළ කර තිබුණ ලිපිවලත් ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් මත සංගීත කණ්ඩායමෙන් ඉවත්ව යනවා මිසක මා සමග එහෙම අමනාපකමක් නැහැ කියලා.

 

අලුතින් සම්බන්ධ වුණ පිරිසත් ඔය වගේ වෙයිද?

නැහැ. මම හිතන්න් නැහැ. මොකද, මම ඔවුන්ට කරුණු කාරණා පහදලා දීලා තමයි ‘රොමේෂ් විත් ටියුන්ස්’ සංගීත කණ්ඩායමට මම ඔවුන්ව ගත්තේ. අනික ඔවුනුත් මේ සංගීත කණ්ඩායම හැර ගියද ඔවුන් වෙනුවෙන් මට තවත් පිරිසක් ගන්න පුළුවන් කියන කාරණය මට ඔවුන්ට පහදලා දීලා තියෙනවා. ඒ හින්දා මම හිතන්නේ නැහැ සංගීත කණ්ඩායමට ආදාරයක් තියෙනවා නම් ඔවුන් මේක අත්හැරයයි කියලා.

 

සංගීථ කණ්ඩායමේ ඉදිරි වැඩ කටයුතු?

ඉදිරියට එන්නේ උත්සව කාලය. ඒ හින්දා වැඩ ගොඩක් අපිට ලැබිලා තියෙනවා. බොහෝ විට මගේ නිර්මාණවලට වඩා ඉදිරියේදී සංගීත කණ්ඩායමේ වැඩ කටයුතුවලට මට යොමු වෙන්න වේවි කියලා හිතනවා. කොහොම වුණත් ඔය අතරේ මගේ අලුත් ගීතයකුත් එළිදක්වන්න සූදානමින් ඉන්නවා. ඒ පිළිබඳව ඉදිරියේදී වැඩි විස්තර කියන්නම්.