හැටපැන්න තරගයේ ජනප‍්‍රිය ගී තරුව



Instagrame Youtubejhj-New Facebook Twitter

කහටගස්දිගිලිය නගරයේ දෙමටවැව මාර්ගයේ සිට කිලෝමීටර් හතක් ගිය තැන හමුවන පිටිසර කුඩා නගරය කෝන්වැවයි. එම නගරය මධ්‍යයේ කැසට් පට, සීඞී තැටි හා පුංචියට හෝටලයක් පවත්වාගෙන යන අහිංසක ගැමියෙකි. ඔහු සංගීත රසකාමියෙකි. ගමේ යහලූවන්ගේ පාටිවලට ගීත ගායනා කරන ගමට පමණක් සීමා වූ ගායකයෙකි. ප‍්‍රදේශයේ උත්සවවලට ශබ්ද විකාශන යන්ත‍්‍ර සැපයීම ඔහුගේ විනෝදාංශය හා ආදායමයි.2018-09-21-ent-80

පසුගිය සැප්තැම්බර් දෙවෙනි දා පැවැති දෙරණ 60 ඡුකමි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගීත වැඩසටහන තුළින් ජනප‍්‍රියම ගී තරුව බවට පත්වූ බෙන්තරගේ ආරියවංශ නොහොත් කෝන්වැවේ ආරි අයියා ඔහුය.

මම උපන්නේ නුගේගොඩ. මට වයස අවුරුදු පහේදී පියා මියගියා මතකයි. මව දැනට වසර පහකට පෙර අප හැරදා ගියා. නුගේගොඩ ආනන්ද ශාස්ත‍්‍රාලය හා සුභද්‍රාරාමයේ මූලික අධ්‍යාපනය හැදෑරුවා. සංගීතය හා චිත‍්‍රපටි පිස්සුව තිබුණ නිසා උසස් අධ්‍යාපනය ගිලිහුනා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා කෝන්වැව සිට පැමිණ සිටි පද්මිණී නම් ගම්බද තරුණිය හඳුනාගැනීමෙන් පසු ඇය සමග විවාහ වී කෝන්වැව ගමේ පදිංචියට ආවා. ඇය දැනට දෑකැතිපොතාන විදුහලේ ගුරුවරියක්. දුවත් ගුරුවරියක්. පුතා මගේ ව්‍යාපාරවලට සම්බන්ධයි. මගේ මේ ජයග‍්‍රහණය පිටුපස මූලිකව සිටින්නේ පවුලේ අය හා ඥාතීන්”

දෙරණ වැඩසටහනට යොමු වූ ආකාරය ඔහු සිහිපත්කරමින්......

ප‍්‍රාදේශීය සභාවේ හිටපු සුගත් අයිය තමයි මේ සඳහා අයදුම් පතක් දාන්න මට උදවු කළේ. නෝනට හොරෙන් මේකට අයදුම් කළා. හඬ පරීක්ෂණවලට ගියා. පහළොස් දහසක් පමණ සහභාගි වුණා. ඉන් අවසන් දහදෙනාට තේරී අවසන් අටදෙනා අතරින් හයවෙනි ස්ථානයට තේරුනා. පළමුවතාවට හින්දි ගීතයක් කියන්න ගිහිල්ලා තරගයෙන් ඉවත්වන්න සිදුවුණා. ලොකු දුකක් ඇතිවුණා. ඒත් ජනප‍්‍රිය තරුව වීමේ බලාපොරොත්තුව අත්හැරියේ නෑ. විනිශ්චය මණ්ඩලයේ තේරීම නිසා තමයි හයවන ස්ථානය දක්වා ආවේ. අවසන් තරගය දක්වා එස්.එම්.එස්. මනාපවලින් ලංකාවේ ජනප‍්‍රියම තරුව වීමට හැම පළාතකින්ම සහයෝගය ලැබුණා. ජයග‍්‍රහණයෙන් පස්සේ මුලින්ම ලැබුණු ෂෝ එක මැදවච්චිය නගරයේ තිබුණු දෙරණ ්එඒජන ියදඅග මම ගීත දෙකක් ගායනා කළා. සංගීත වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. උතුරුමැද ආණ්ඩුකාර ලේකම්ගේ උපදෙස් මත කලා සංසදයේ දිමුතු සර් ගෙදර ඇවිල්ලා පැදුරු පාටියකට ආරාධනා කළා.

බෙන්තරගේ ආරියවංශ නම් ජීවන ගමනේ 62 වෙනි කණුව පසුකරමින් සිටින මේ ගායකයා දෙනෙතේ පිරෙන කඳුළින් එහෙත් ඉතා තෘප්තිමත් අයුරින් අවසන් වශයෙන් මෙසේද පැවසීය.

”ජනප‍්‍රිය කිරුළ දිනාගත් මොහොත මට අදහාගන්න බැරිවුණා. සතුට ඉහවහ ගිහින් වේදිකාව පුරා සැරිසැරුවා. ජීවිතයේ සැඳෑකාලය ගතකරන අපට මේ ජයග‍්‍රහණය හා සතුට ඉතිරිව තිබෙන කෙටි ජීවිත කාලයට කවදාවත් අමතක වෙන් නෑ. මෙය අපට ලැබුණු මානසික හා ශාරීරික තෘප්තියක් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්නට.

”මම කැමතිම ගායකයා ධර්මදාස වල්පොල ශූරීන්. ඔහුගේ ගීතයකින් තමයි මම මුලින්ම තරගයට තේරුනේ. මගේම කියලා ගීතයක් කරන්න ආසාවක් තියෙනවා. ඒත් ආර්ථික ප‍්‍රශ්න නිසා ඒවා සිහින වේවි. ජීවිතේ ඉතිරි කාලයත් සංගීතයටම කැප කරනවා.

ජනප‍්‍රියම තරුව ලෙස ප‍්‍රකාශයට පත් වූ මොහොතේ සතුටින් උද්දාමයට පත්ව.

දෙරණ 60 ඡුකමි ජනප‍්‍රියම තරුව ලෙසින් කුසාලනය දිනාගනිමින්

ජයග‍්‍රාහී මොහොතේ බිරිඳ, දුව, පුතා සමග සතුට බෙදාගනිමින්

කෝන්වැවේ ආරි අයියා තම පුංචි වෙළඳසලේ සුපුරුදු ලෙස කටයුතු කරයි.

 

ඡායාරූප හා සටහන කහටගස්දිගිලිය සුනිල් සාන්ත ඇල්පිටිය