'ජය ශ්‍රී' සංගීත කණ්ඩායම ලංකාවට එනවා



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-09-ent-11

ලාංකීය සංගීත ලෝලීන් අතර අදටද ජනප්‍රිය ගීත කිහිපයකම හිමිකරුවන් වන ‘‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායම මේ දිනවල විදෙස් ප්‍රසංග කිහිපයකට සහභාගි වී සිටියි. ඔක්තෝබර් මස අගදී නැවතත් ලංකාවට පැමිණිමට අදහස් කරමින් සිටින ඔවුන් ලංකාවේ ප්‍රසංග කිහිපයක් සඳහාද එක්වීමට සූදානමින් සිටියි. ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමේ නායක රෝහිත ජයලත් නැවතත් ලංකාවට පැමිණිමට පිළිබඳව ‘සාවිට’ අපිට පැවසුදේ.

‘පසුගිය දිනවල අපි ඇමෙරිකාවේ හා කැනඩාවේ ප්‍රසංග කිහිපයකටම සහභාගි වුණා. ඇමෙරිකාවේ හා කැනඩාවේ ජීවත් වන ලංකාවේ සංගීත ලෝලීන් බොහෝ පිරිසක් මේ ප්‍රසංග නැරඹිමට පැමිණ සිටියා. විදේශියන්ගෙන් වගේම ලංකාවේ පිරිසගෙනුත් අපිට මේ ප්‍රසංගයේදී ලැබුණේ ඉහළ ප්‍රතිචාර. අපි දැන් ඉන්නේ ඔස්ට්‍රියාවේ. ඔක්තෝබර් අගදී වගේ ආයෙත් ලංකාවට එනවා. ඇවිල්ලා ප්‍රසංග කිහිපයකටත් දායක වෙන්න අදහසක් තියෙනවා. ගීත 15කින් සමන්විත ඇල්බමයකුත් අපි දැනට නිකුත් කරලා තියෙනවා. මේ ගී ඇල්බමයේ අලුත් ගීත වගේම අපේ ජනප්‍රිය වුණ ගීතත් ඇතුලත් කරලා තියෙනවා.’

 

 2018-10-09-ent-10 2018-10-09-ent-09