‘බල්ලොත් එක්ක බෑ - 2’ 20දා බොරැල්ල වයි.එම්.බී.ඒ.හිදී....



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-10-ent-03

මෑත කාලයේ අතිශය ජනාදරයට පත්ව දිවයින පුරා වේදිකාගත වූ ‘බල්ලොත් එක්ක බෑ’ වේදිකා නාට්‍යය ඔබ වෙත ගෙනා රවීන්ද්‍ර ආරියරත්න විසින් බහුතර ප්‍රේක්‍ෂක ඉල්ලීම් පරිදි කාලීන අවශ්‍යතා අනුව රචනා කරන ලද නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය වන ‘බල්ලොත් එක්ක බෑ-2’හි විශේෂ දර්ශන වාර දෙකක් ලබන 20 වැනිදා සවස 3.30ට සහ 6.45ට බොරැල්ල වයි.එම්.බී.ඒ. රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය.

ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, සුසංග කහඳවල ආරච්චි, රවීන්ද්‍ර ආරියරත්න රංගනයෙන් දායක වන මෙම නාට්‍යයේ සංගීතය මෙහෙයවීම ප්‍රවීණ සංගීතඥ ඇන්තනි සුරේන්ද්‍ර මහතා විසින් සිදු කරනු ලබයි. රංග වස්ත්‍ර නිර්මාණය ගිහාන් ප්‍රනාන්දු සිදුකරන අතර, වේශ නිරූපණයෙන් වසන්ත විට්ටච්චිද, වේදිකා පසුතල නිර්මාණයෙන් ලුවලින් වැන්ඩවෝල්ද, ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහිඳු මධුසංකද දායකත්වය ලබාදෙති. මෙහි වේදිකා පරිපාලනය සුමේධ ප්‍රසන්නගෙන් වන අතර, නිෂ්පාදක සහ ප්‍රධාන සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරයි.