යාපනය සිනමා උළෙලේ සම්මාන පිරිනැමුවේ මේ විදිහටයි



Instagrame Youtubejhj-New Facebook Twitter

2018-10-11-jffilm-1

‍පසුගිය 03 වැනිදා ආරම්භ වූ යාපනය අන්තර් ජාතික සිනමා උලෙළ ඔක්තෝබර් 08දා අවසන් වුණා. මෙම සිනමා උළෙලේදී සම්මාන පිරිනැමුණේ මේ විදිහටයි.

ජ්‍යෙෂ්ඨ සිනමාවේදීන් වෙනුවෙන් පිරිනැමෙන යාවජීව සම්මානය ප්‍රවීන සිනමා කැමරා ශිල්පී වී. වාමදේවන් මහතාට පිරිනැමුවා. හොඳම දේශිය කෙටි චිත්‍රපටය වෙනුවෙන් පිරිනැමෙන සිලෝන් තියටර්ස් සම්මානය හිමි වුණේ දුලංක දේවේන්ද්‍රගේ “ද චිල්ඩ්රන් ඔෆ් වයිට්” සිනමා පටයටයි. හොඳම ජාත්‍යන්තර කෙටි චිත්‍රපටය පූජා ගුරුන් හා බිබුසාන් බස්නේ ගේ දාද්යා – “ද වුඩ්පෙකර්ස් ඔෆ් රෝතා ” සිනමා පටය වෙනුවෙන් හිමි වුණා. වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරය දිනූ කෙටි චිත්‍රපටය වූයේ මති සුතාගේ “වෙඩිමානියමුම් ඉදියාන් තුවක්කුම්” චිත්‍රපටයයි. තරුණ සිනමාකරුවන්ගේ ප්‍රථම චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවේ නූර් ඉම්රාන් මිතූගේ කෝමළ රොකට් නැමැති බංග්ලාදේශ සිනමා පටයයි.

වෘත්තාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට 80 කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින් මෙවර සිනමා උලෙළ සඳහා රටවල් 30 ක් පමණ සහභාගි වුණා.