'මන්දිරා'ට නම් හැමෝම බණිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-11-06-ent-32

‘හිරු’ රූපවාහිනි නාලිකාව සංවිධානය කළ ‘හිරු අවුරුදු’ කුමරිය තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් ගීත්මා ශෂිනි බණ්ඩාර මේ දිනවල දෙනෙකු ආදරය කරන යොවුන් රංගන ශිල්පිනියකි. මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයකින්දම ප්‍රේක්ෂක ඔබ දකින ඇය රූපවාහිනි වෙළෙඳ දැන්වීම් රැසකද පෙනී සිටියි. මෑතකදී අප සමග එක්වූ කතා බහකදී ගිත්මා ‘සාරවිට’ අපිට පැවසුවේ ‘ නීල පබළු’ ටෙලි නාට්‍යයේ ‘මන්දිරා’ චරිතයට ඉහළ රසික ප්‍රතිචාර තමාට හිමිවෙමින් පවතින බවය.

‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ ‘මන්දිරා’ කියන චරිතය. ‘මන්දිරා’ කියන්නේ ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ‘කුරුළු’ගේ තාත්තාගේ තවත් දුවෙක් විදිහට. මම පිටරටක ජීවත් වෙන්නේ. තාත්තව බලන්න එනකොට ‘කුරුළු’ තාත්තාට ළං වෙලා ඉන්නවා. ඉතින් මම හැම වෙලාවෙම කරන්නේ ‘කුරුළු’ට නපුරුකම්. ඒ හින්දා ගොඩක් අය මට බණිනවා. ඇයි මෙච්චර කපුරුකම් කරන්නේ කියලා. මේ ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක හිතෙනවා මම ‘මන්දිරා’ චරිතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා කියලා. හැබැයි මම ‘මන්දිරා’ තරම් නපුරු කෙනෙක් නෙවෙයි සැබෑ ජීවිතේ නම්.

 

2018-11-06-ent-33