'අයස්කාන්තය' සංස්කෘතියක් බවට පත්වෙලා අවසන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-06-ent-42

‘නෙත් fm’ නාළිකාව මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘අයස්කාන්තය’ අද (6දා) සවස 6.30ට නෙළුම් පොකුණ රගහලේදී

සුභාවිත සංගීතයේ රසවින්දන සහෘදයන්ගේ සංගීත ඥාණය උද්දීපනය කිරීම උදෙසා ‘නෙත් fm’ නාළිකාව මගින් වාර්ෂිකව සංවිධානය කරන ‘අයස්කාන්තය’ ප්‍රසංග මාලාවේ මෙවර ප්‍රසංගය මෙම මස 6 වැනිදා සවස 6.30ට නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වේ.

බිලී ප්‍රනාන්දු ප්‍රමුඛ ‘ටූ නොට් ටූ’ සංගීත කණ්ඩායම හා කසුන් කල්හාරගේ ගායන දායකත්වයෙන් මෙය පැවැත් වීමට නියමිතව ඇති අතර, මේ ඒ පිළිබඳව ‘නෙත් එෆ් එම්’ සහකාර සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ මහතා සමග කළ සාකච්ඡාවකි.

 

‘අයස්කාන්තය’ ගැන මුලින්ම කීවොත්?2018-12-06-ent-43

මෙවර ‘අයස්කාන්තය’ ප්‍රසංගය පැවැත්වෙන්නේ හත්වැනි වතාවට. හැම වසරේම දෙසැම්බර් 01 වැනි සතියේ පැවැත්වෙන දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම තමයි ‘අයස්කාන්තය’ කියන්නේ. මෙවර ප්‍රසංගයට එක්වන්නේ බිලී ප්‍රනාන්දු කියන්නෙ තරුණ සංගීත අධ්‍යක්ෂකවරයා. බිලීගේ පියා තමයි අමරදේව මහතාගේ අතේ නිතර තිබූ සංගීත භාණ්ඩය නිපදවූවේ. බිලීලාගේ පරම්පරාවට තමයි සංගීත භාණ්ඩ අපනයනය කිරීමේ කර්මාන්ත ශාලාවේ අයිතිය පැවතුනේ. බිලී එවැනි දැවැන්ත සංගීත පරම්පරාවකින් පැවත එන සංගීතඥයෙක් වගේම සංගීතය ගැන මනා දැනුමක් තියෙන සංගීතඥයෙක්.

එවැනි පසුබිමක ඔහුගේ සංගීත හැකියාවෙන් ප්‍ර‘යෝජනයක් ගන්න අප අදහස් කළා. ඒ සඳහා බිලීගේ ‘ටූ නෝට් ටූ’ සංගීත කණ්ඩායම හා ලංකාවේ ඉහළම පෙලේ වෘත්තීය සංගීතඥයන් 40කගෙන් යුත් සංගීත වෘන්දයක් මෙවර ‘අයස්කාන්තය’ සඳහා යොදා ගන්නවා. මේ සඳහා බිලීගේ ‘රෑ අහසේ’ ප්‍රසං‘ගයත් අදාළ වෙනවා. ‘රෑ අහසේ’ ප්‍රසංගයේදී බිලීගේ ගීත වගේම ලංකාවේ යම්කිසි සංදිස්ථාන සනිටුහන් කරපු ගීත කිහිපයක් මේ ඔකෙස්ට්‍රා වාද්‍ය වෘන්දය මගින් හැඩතල ඔස්සේ වාදනය කරනවා. ඔහුගේ ප්‍රසංගයක් කොළඹදී පැවැත්වෙන්නේ පළමුවරටයි.

මෙවැනි වාද්‍ය වෘන්දයක් හා නෙළුම් පොකුණ වැනි දැවැන්ත වේදිකාවකට තකට තක ගැළපෙන කඩහඬක් හොයාගෙන යනකොට අපට හමුවුණු ගායන ශිල්පියා තමයි කසුන් කල්හාර. ඔහුත් මේ ප්‍රසංගයට වෙනස් රසයක් දෙන්න එකතුවෙනවා. මෙම ප්‍රසංගයේ ලැබෙන සියලු ආදායම ‘දිරිය නෙත්’ සමාජ සත්කාරක අරමුදලට බැර කරනවා. ජාත්‍යන්තර මට්ටමේ සංගීත අත්දැකීමක් මේ හරහා ලබාදීමට අපි උත්සහ කරනවා. මේ ප්‍රසංගයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ‘අද’ පුවත්පත විසින් ලබාදෙනවා.

 

‘අයස්කාන්තය’ ආරම්භ කළ අරමුණු ගෙවුණු වසර 04 තුළ සාක්ෂාත් වෙලා තිබෙනවාද?

අපි මුල්ම අවුරුදු දෙක ‘වායෝ’ සංගීත කණ්ඩායම සමග තමයි මේ ප්‍රසංගය පැවැත්වුවේ. පසුගිය වසරෙත් බිලීව දායක කරගෙන භාතිය, සන්තුෂ්, උමාරා හා උමාරියා එක්ක අලුත්ම අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට ලබාදුන්නා. අපේ දෙවැනි ‘අයස්කාන්තය’ ප්‍රසංගයේදී නදීමාල්, සනුක, ඩිල්මින්, රයිනි යන සිවුදෙනා සමග ලංකාවේ ක්‍රිස්ටල් වොයිස් එකක් තිබෙන නීලා වික්‍රමසිංහ එක්ක එකට පෑහෙව්වා. මීට දායක වූ ඩිල්මින් ගුවන් යානා ඉංජිනේරුවෙක් ලෙස ඇමෙරිකාවේ ඉගෙන ගන්න නිසා සංගීතයෙන් තාවකාලිකව ඉවත්වෙලා හිටියත් අනිත් තුන්දෙනා ඒ මතුවෙච්ච මතුවිල්ල සමග ලොකු ගමනක් යනවා.

අපි හැම අවුරුද්දෙම මොකක් හරි වෙනස් දෙයක් කරන්න තමයි උත්සහ කරන්නේ. ‘අයස්කාන්තය’ කියන්නේ සංස්කෘතියක් බවට පත්වෙලා අවසන්. ‘අයස්කාන්තයේ’ ප්‍ර‘වේශපත් නිකුත් කිරීම අරඹා සති දෙකකින් පමණ විකිණී අවසන් වෙනවා. අනික පසුගිය වසරේ නරඹපු ෂීට් එකට මේ වසරෙදිත් අරගන්න බොහෝ දෙනා උත්සහ කරනවා. එවැනි අයට විශේෂ මට්ටමක් ලබාදෙන්නත් අපි කටයුතු කළා. අනික අපි මේ ප්‍රසංගය වසරක් තිස්සේ සැලසුම් කරනවා. මෙවර ප්‍රසංගය සෙනසුරාදා අවසන් වුණාම ඊළඟ සඳුදා දිනයේදී ලබන වසරේ ප්‍රසංගය සදහා නෙළුම් පොකුණ වෙන්කරවා ගැනීම සිදුකරනවා.

 

මෙවැනි හුදෙකලා ප්‍රසංගයකින් ලංකාවේ සංගීතයේ ඉදිරි ගමනට ලැබෙන දෙයක් තියෙනවද?

‘අයස්කාන්තයේ’ ලංකාවේ සංගීතය මාර රැඩිකල් දෙයක් වෙන්නේ නැහැ තමයි. නමුත් මෙහෙම වෙනස්කම් කරන්න පුළුවන් කියන අත්දැකීම තියනවා. සංගීතය පිළිබඳව නැවුම් අත්දැකීමක් ලබන්න කැමති පිරිසක් තමයි මෙවැනි ප්‍රසංගයක් බලන්න එන්නේ. එය ලබාදෙන්න අපට අදටත් පුළුවන් කියලා පෙන්නුවහම යම්කිසි ආකාරයක එළිවැටක් වෙනවා ඊළඟ අවුරුද්දට හෝ ඊළඟ අවුරුදු ගනණාවට. මෙවර අයස්කාන්තය සමග ලංකාවේ සමාජය තුළ බිලී පිළිබඳව අලුත් ආලෝකයක් ඇතිවේවි.

 

දිරිය නෙත් හරහා කරන්නේ කුමක්ද?

පසුගිය වසරේදී භාතිය, සන්තුෂ්, උමාරා හා උමාරියා, එඩ්වඩ් ජයකොඩි සමග එකතුවෙලා කරපු ප්‍රසංගයෙන් ලබපු ආදායම වකුගඩු රෝගය ව්‍යාප්තව තිබෙන ප්‍රදේශවල දරුවන්ගේ සංගීත අධ්‍යාපනය වෙනුවෙන් තමයි වියදම් කළේ. පසුගිය ප්‍රසංගයේදී පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයේ මව සහ පියා වකුගඩු රෝගයෙන් පීඩා විඳින පවුලක දියණියක් ‘අප්පච්චී’ ගීතය ගායනා කළා. එසේම වකුගඩු රෝගයෙන් පීඩාවිඳින අයගේ දෙමාපියන් අපි ඒ ප්‍රසංගය බලන්න එක්ක ආවා වගේම ඔවුන් ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිතයන් බවට පත්කළා. මෙවරත් අයස්කාන්තයෙන් ලැබෙන ආදායමින් අපේ රටේ විවිධ අවශ්‍යතා සහිත දරුවන්ට අපි ආධාර කරනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගැනීමට අවැසි නම් 0112507080 යන දුරකථන අංකය ඇමතීම මගින් එය සිදුකළ හැකිය.

 

 

නිරෝෂන් ප්‍රේමරත්න