රඟපාන්න නම් දැන් ගොඩක් ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-12-06-ent-50

පාසල් ක්‍රීඩිකාවක් ලෙස ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් දිනාගත් නදිෂා හෙන්ඩර්සන් මේ වනවිට සිනමා රංගනයටද එක්ව සිටියි. ඒ පසුගිය ඔක්තෝබර් 25 වැනිදා සිට දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ චමන්ත්රාජ්ගේ 'උදුම්බරා' චිත්‍රපටය තුළිනි. එහි ‘උදුම්බරා’ ලෙස රංගනයේ යෙදෙන ඇය සිය පළමු රංගන අත්දැකීම පිළිබඳව ඇය අපිට පැවසුවේ මෙවැනි අදහසකි.

‘උදුම්බරා’ චිත්‍රපටයෙන් පස්සේ රංගනයට තවමත් ආරාධනාවක් ලැබුණේ නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ආයෙත් රංගනය පැත්තට යොමු වෙනවා. ‘උදුම්බරා’ චිත්‍රපටයේ රඟපෑවට පස්සේ රඟපාන්නත් දැන් ආසාවක් තියෙනවා මගේ. මේ වනවිට ‘උදුම්බරා’ අති සාර්ථකව ප්‍රදර්ශනය වෙනවා. හොඳ රසික ප්‍රතිචාරත් ලැබෙනවා. පළමු රංගනයටම හොඳ රසික ප්‍රතිචාර හිමිවීම ඇත්තටම සතුට දනවන කාරණයක්.

 

2018-12-06-ent-49