දුප්පත් ළමුන්ට උදව් කරන්න අදහසක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දෙරණ රූපවාහිනි නාලිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘සෙනාලි ටිචර්’ ලෙස රසික ආදරය දිනාගත් හිමායා බණ්ඩාර මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යය කිහිපයකම පෙනි සිටියි. නිවේදිකාවක් ලෙස ක්ෂේත්‍රයට අවතිර්ණ මේ වනවිට රංගන ශිල්පිනියක් ලෙස වැඩි දායකත්වයක් ලබාදෙන ඇය ලබන වසරේදී අලුත් වැඩ කටයුතු කිහිපයකට මුල පුරන්නට සූදානමින් සිටියි.

කලා කටයුතුවලට වෙනදා වගේම මුල් තැන දෙනවා. ඊට අමතරව දුප්පත් ළමුන්ට උදව් කරන්න පොඩි පදනමක් ආරම්භ කරන්න අදහසකුත් තියෙනවා. කලා ශිල්පියෝ විදිහට අපි සමාජයට වැඩක් කරන්න ඕනා. අද සමාජය දිහා බැලුවොත් ආර්ථික දුෂ්කරතා තියෙන තියෙන දරුවෝ ගොඩක් ඉන්නවා. මම කල්පනා කළා. ඒ අයට පිළිසරණයක් වෙන්න. බොහෝ විට ලබන වසරේදී ඒ වෙනුවෙන් මම වැඩි කාලයක් වැය කරයි.

20181223Himaya-3 20181223Himaya-2 20181223Himaya-1