නව වසරේදී විදෙස් රටවල සංචාරය කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෘත්තියෙන් මෝස්තර නිරූපිකාවක් වන පියුමි ශ්‍රීනායක පසුගිය කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ ආන්දෝලාත්මක මියුසික් විඩියෝ කිහිපයකට දායක වෙමිනි. මේ වනවිට රංගන ශිල්පිනියක් විදිහට ටෙලි නිර්මාණ රැසකින්ම ප්‍රේක්ෂක ඔබ හමුවන ඇය ලබන වසරේදී කරන්නට සැලසුම් කර ඇති දේ පිළිබඳව අපි මෙසේ විමසුවෙමු.

පෞද්ගලික ජීවිතේ නම් දැන් සම්පුර්ණයි. මට නිවසක්, කාර් එකක් තියෙනවා. මම විවාහ වෙලා ඉන්නේ. දැන් මගේ එකම ඉලක්කය වෙලා තියෙන්නේ ටෙලි නාට්‍යය නිළියක් විදිහට පුර්ණ කාලීනව සම්බන්ධ වෙලා වැඩ කරන එක. ගුණාත්මක බවින් පිරුණු හොඳ කලාත්මක නිර්මාණ බොහෝමයකට දායක වෙන්න දැනට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒ වැඩවලට තමයි ලබන වසරේදී වැඩි ඉඩක් වෙන් කරන්න හිතාගෙන ඉන්නේ. ඊට අමතරව මගේ ලොකු ආසාවක් තියෙනවා විදෙස් රටවල සංචාරය කරන්න. බොහෝ දුරට ඒ හිනය සඵල කරගන්නත් මට ලබන වසරේදි හැකි වෙයි කියලා හිතනවා.

20181223Piumi-2 20181223Piumi-1