අලුත්ම ගීතයකින් ලබන වසර ආරම්භ කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ගීත කිහිපයකම හිමිකරුවා වූ උදය ශ්‍රී වික්‍රමසිංහ වර්තමානයේ ශ්‍රාවකයන් අතර ජනප්‍රිය යොවුන් ගායන ශිල්පින්  අතළොස්සේ සිටින්නෙකි. ගීත ගායනයට අමතරව සංගීතඥයෙකු ලෙසද කටයුතු කරන ඔහු වර්තමානයේ සංගීත කණ්ඩායමක්ද පවත්වාගෙන යයි. උදාවන නව වසරේ අලුත් වැඩ කිහිපයකටම මුල පුරන්නට සුදානමින් සිටින උදය ඒ පිළිබඳව අපිට පැවසුවේ මෙවැනි අදහසකි.

‘මගේම ගීත කිහිපයක්ම එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා ලබන වසරේ. මුල්ම එක බොහෝවිට ජනවාරියේදී නිකුත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අන්තිමට මම එළිදැක්වුයේ ‘ගිම්හාන සිහිනය’ කියන ගීතය. මේක යුග ගීතයක් ශෂිකා නිසංසලා එක්ක තමයි මම ගායනා කළේ. ඔක්තෝම්බර් මාසයේ මේ ගීතය නිකුත් කළත් තවමත් ප්‍රතිචාර වල අඩුවක් නැහැ. අලුත් ගීතයි සුපුරුදු සංගීත වැඩ කටයුතුවලටයි තමා 2019 වසර මුල් තැන දෙන්න මම හිතාගෙන ඉන්නේ.’

20181223Udayasri-1