විද්‍යාඥවරියක් විදිහට උපාධිය ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-22

‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දලි’ ලෙස අද කවුරුත් අඳුනන සෙනාලි ෆොන්සේකා පිළිබඳව හඳුන්වාදීමක් අනවශ්‍යය. ‘සිරි පැරකුම්’ සිනමා නිර්මාණය හරහා රංගනයට පිවිසි ඇය මේ වනවිටත් සිනමා නිළියක් ලෙස කාර්යබහුලව සිටින්නිය. ලබන වසරේ බලාපොරොත්තුව පිළිබව අපි ඇයගෙනුත් මෙසේ විමසුවෙමු.

රංගනයේ යෙදුණත් මං අධ්‍යාපනය හැදෑරුවේ වෙනම අංශයකින්. මේ වසරේ තමයි එහි එක් පියවරක් මම අවසන් කළා. ඒ ජීව විද්‍යා වෛද්‍ය අංශයේ විද්‍යාඥවරියක හැටියට මම උපාධිය ලබාගනිමින්.. එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් තමයි මම ඒ අධ්‍යාපන කටයුතු සිදු කළේ. තවදුරටත් අධ්‍යාපනය හදාරන්නටත් ලැහැස්ති වෙලා ඉන්නවා. මේ වසරේ මම උපාධිධාරිණියක් වීම කාලයක් මගේ සිතේ තිබුණු ලොකු බලාපොරොත්තුවක්. ඒ වගේම මේ වසරේදි හැකි උපරිමයෙන් කලාවට දායක වන්නත් මම සූදානමින් ඉන්නවා.