නිවසක් හදන්න සැලසුමක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-50

ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකම දකින්නට ලැබුණ අශිකා මතසිංහ මැත කාලයේ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ වෙළෙඳ දැන්වම් හරහාය. නමුත්, නිතරම ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක් ලෙසද අශිකා අපිට දකින්නට ලැබේ. නව වසරේ ඇයගේ බලාපොරොත්තු පිළිබඳව අපි තොරතුරු විමසුවා.

ලොකුම බලාපොරාත්තුව තමයි මගේම කියලා නිවසක පදිංචියට යන්න. මේ වසරේදී ඒ බලාපොරොත්තුව ඉටු වේවි කියලා හිතනවා. වසර කිහිපයක් තිස්සේ අලුත් නිවසක් ගන්න හීන මැව්වා. වැඩි ටිකකුත් කළා පසුගිය කාලේ. ඒවාත් මේ වසරේදි නිකුත් වෙයි කියලා හිතනවා. කොහොමත් කලා කටයුතු එක්ක තමයි මේ වසරේදිත් මගේ කාලය වැඩිපුර ගෙවිලා යන්නේ.