දුකා කකුළ කඩාගෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසන්ත දුග්ගන්නාරාල කියන්නේ කලා ක්ෂේත්‍රයේ අංශ රැසකම නිරත වන ඉතාමත් කාර්යබහුල කලාකරුවෙක්. 2018 වසර අවසන් වනවාත් සමගම දුකා අනතුරක් සිදුවෙලා තිබෙනවා. ඒ නිසා මේ වනවිට ඔහුගේ වැඩකටයුතු රැසකටම අතපසු වෙලා තිබෙනවා. ඉතින් ඔහුට සිදුවුණු මේ අනතුර ගැන දුකා මාධ්‍යට කියලා තිබුණේ මේ විදිහට.

“රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ වැඩිය හිතන්නේ නැතිව තරගයටත් ගියා. පස්සේ ආයෙත් ලිස්සලා ගිහින් තිබුණ අමාරුව වැඩි වුණා. තාම ඇවිදින්න එපා කියලා තියෙන්නේ. එළියෙන් නොපෙනුණාට ඇතුළෙන් කකුලේ තත්ත්වය භයානක බව තමයි වෛද්‍යතුමා කිව්වේ. දැන් නම් ගෙදර ඇවිත් ඉන්නේ. ඒත් වැලි කොට්ට දාලා කකුල එල්ලලා තියෙන්නේ. මේක අනතුර සිදුවුණේ බොහොම බරපතළ වෙලාවකයි. මොකද අවුරුද්ද අවසානයේ කරන්න වැඩ ගොඩක් තිබුණා. විශේෂඥ වෛද්‍ය චන්දන කරුණාතිලක තමයි මාව බලන්නේ. විවේකය අවශ්‍ය බව තමයි ඔහු කිව්වේ.”

20190110-duka-1