මවගේ සැත්කමට සල්ලි හොයන්න දියණියන් තිදෙනාගේ ප්‍රසංගය හෙට මොණරාගලදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තම ආදරණීය මවගේ හෘද සැත්කමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා මොණරාගල රාජකීය ජාතික පාසැලේ ඉගෙනුම ලබන දැරියන් දෙපළක්, තම වැඩිමහල් සහෝදරියද සමග එක්ව පවත්වන සංගීත ප්‍රසංගයක් හෙට(11දා) මොණරාගල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මොණරාගල සිරි විජයපුර ප්‍ර‘දේශයේ පදිංචි මෙම දැරියන් තිදෙනාගේ මව වන ජේ.ඒ. ශ්‍රියානි මහත්මිය සති දෙකක කාලයක් ඇතුළත හදිසි හෘද සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරයාත් ඔවුන්ට දන්වා ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 12 ක් පමණ වැයවෙන බවටද ගණන් බලා තිබේ.

මෙවැනි මුදලක් සොයා ගැනීම දුෂ්කර හෙයින් තම මවගේ ජීවිතය රැක ගැනීමට මෙවැනි ප්‍රකාශයක් පවත්වා එම සැත්කමට වැය වන මුදලින් කිසියම් ප්‍රමාණයක් හෝ සොයා ගැනීමට තීරණය කළ බව එම දැරියෝ පවසති.

‘ස්නේහ වර්ෂා’ ලෙස නම් කර තිබෙන මෙම ප්‍රසංගය සඳහා සංගීතය සපයන්නේ මොණරාගල සංගීත ගුරුවරුන් පිරිසකගෙන් සැදුම් ලත් ‘Teachers Unplugged’ නම් දිස්ත්‍රික්කයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් විසිනි. ඔවුන් මෙම සංගීතය සැපයීම වෙනුවෙන් කිසිදු මුදලක් අය නොකිරීමටද තීරණය කර තිබීම විශේෂත්වයකි.

සංගීත ප්‍රසංගය ඩබ්ලිව්.ඒ. රසිකා එරන්දතී, ඩබ්ලිව්.ඒ. යශෝධා සමන්මලී හා ඩබ්ලිව්.ඒ. හිමංශ්‍යා සුගන්ධිනී යන සහෝදරියන් ත්‍රිත්ත්වය විසින් පැවැත්වීමට නියමිතය.

ප්‍රසංගය සඳහා වන ටිකට් පත් එදින දොරටුවෙන් ලබා ගත හැක.

මොණරාගල - නයනජීව බණ්ඩාර

20190110concert-1