මගේ 'බිඳුනාට පසු' ගීතය සතියක් තුළ ලක්ෂයකට වැඩි පිරිසක් නරඹලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-09-ent-98

නූතන ගීත ලෝකයට අලුතෙන් එක්ව සිටින කාංචන ලලින්ද්‍ර මනෝජිත් දීප්තිමත් අනාගතයක් නිර්මාණය කර ගනිමින් සිටින තරුණ ගායකයෙකි. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කරන ලලින්ද්‍ර සමගින් කළ කතාබහකි මේ.

 

ගායන ක්ෂේත්‍ර ආගමනය සිදුවුනේ කෙසේද? 

මගේ ගම දෙහිවල. මම අධ්‍යාපනය ලැබුවෙ දෙහිවල ජයසිංහ මධ්‍ය මහා විදුහලෙන්. කුඩා කාලයේ සිටම මම ගායනයට කැමැත්තක් දැක්වුවා. ඒ නිසා ඒ අනුව පාසැල් වේදිකාවත්, ගමේ වේදිකාවත් ගායන ලෝකයට පිවිසිමට මට අත්වැලක් වුණා.අනික මගේ තාත්තත් සංගීතවේදියෙක්. හොඳ තබ්ලා වාදකයෙක් . ඒ වගේම අම්මාටත් ගායන හැකියාවක් තියනවා. ඒ නිසා දෙමාපියන්ගේ හැකියාවත් මට බලපාන්න ඇති.

 

ඔබේ මුල්ම ගීතය "පොඩි අඩුපාඩු" ගැන කතා කළොත්?2019-01-09-ent-99

ධනවත් තරුණියක් සහ දුප්පත් තරුණයෙක් ගැනයි එහි කියැවෙන්නේ.ගීතය ලියුවේ චතුර රත්නායක.මගේ දෙවැනි ගීතය "බිඳුනාට පසු" කියන ගීතය. එයත් තරුණ යුවළක් පසුබිම් කර ගත්තු ගීතයක්. එය ලියුවේ උවිඳු දයාරත්න. ඉසුරු වික්‍රම ඊට සංගීතය සපයනව.වියෝ වූ රොනී ලීච් ඒ ගීතයට රංගනයෙන් දායක වුණා.

 

අද වෙනත් ගායකයින්ගෙ ගීත ගායනා කිරීමේ රැල්ලක් මතුවෙලා.?

දෙවැනි ගායකයා කරන්නේ මුදල් හම්බ කිරිමේ චේතනාවෙන් නම්, මුල් ගායකයාගෙන් අහල ඔහුටත් සාධාරනයක් ඉටු කරනවා නම්, මුල් ගායකයාත් සතුටට පත්වේවි. ඒ නිසා මුල් ගායකයා දැනුවත්ව ඔහුටත් සාධාරණයක් ඉටු කළ හැකි නම් එසේ ගායනා කිරිම වරදක් නැහැ.

 

ප්‍රවීණ ගායකයින්ගේ කටහඬවල් අනුකරණය කිරීමේ හැකියාවක් ඔබට තියනවා නේද?

ඔව්. මිල්ටන් පෙරේරා, නාමල් උඩුගම, චන්දන ලියනාරච්චි, අසංක ප්‍රියමන්ත ඇතුළු තවත් ජනප්‍රිය ගායකයින්ගේ කටහඩවල් අනුකරණය කරන්න පුළුවන්.

 

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම වැනි කාර්යබහුල ස්ථානයක සේවය කරන අතරේ කොහොමත කාලය කළමණාකරණය කර ගන්නේ ?

ගායනයට තියෙන දැඩි ආශාව නිසාම මම කාලය කළමනාකරණය කර ගෙන එම කටයුතුවල යෙදෙනවා.

 

ආයතනයෙන් ඒ සදහා ලැබෙන සහාය කොහොමද ?

අපේ සංස්ථාවේ මා සමග ඉන්න හැම කෙනෙක්ම මගේ ගායන කටයුතුවලට සහාය දක්වනව. උදව් කරනව. මට ඉදිරියට යෑමට අත දෙනව. මගේ වටේ සිටින පිරිසගේ දිරිගැන්වීම මග පෙන්විම ඉදිරියට යෑමට විශාල ශක්තියක් බව කිව යුතුයි.

 

"බිඳුනාට පසු" ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

කතාබහට ලක්වුණු ගීතයක් ඒක. සතියෙන් ප්‍රේක්ෂකයන් ලක්ෂයකට වැඩි පිරිසක් නරඹලා තියෙනවා.හොද ප්‍රතිචාර ලැබෙනව.

 

රවිඳු දීයගහගේ