ඇලෙක්ස් මයිකලඩිස්ගේ 'The Silent Patient' කෘතිය ශ්‍රී ලංකාවට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-08-ent-76

ජනප්‍රිය නවකතාකරු ඇලෙක්ස් මයිකලඩිස්ගේ 'The Silent Patient' කෘතිය පසුගිය 07 වැනිදා එංගලන්තයේ දී එළිදැක්වූ අතර, ඊට සමගාමීව රටවල් 40කට වැඩි ප්‍රමාණයකද එම කෘතිය එළිදැක්වීය.

ඒ අනුව එම නවකතාව 'හඬ නිහඬ' නමින් ශ්‍රී ලංකාවේද නිකුත් වීමට නියමිත අතර, ඒ 'මියුසස්' ප්‍රකාශනයක් ලෙසිනි. එය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ කුමාර සිරිවර්ධන මහතා විසිනි.

මෙම මස (09දා) සවස 2.30ට මහවැලි කේන්ද්‍රයේ දී දොරට වැඩීමට නියමිත මෙම කෘතියේ ඇලෙක්ස් මයිකලිඩීස්ගේ අත්සන සහිත පිටපත් සීමිත ප්‍රමාණයක් (එළිදැක්වීමේදී පමණක් ලබාගත හැක) ලබාගැනීමේ ඓතිහාසික අවස්ථාවද පාඨකයන්ට එදින උදාවනු ඇත.

 

මාලන් විදානපතිරණ