අද නාලිකා දුවන්නේ ‘රේටින්’ පස්සේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල මෙම 12 දා සවස 6.30ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

 

මුලින්ම අපේ ගුවන්විදුලියෙ මුල් යුගය ගැන හඳුන්වා දුන්නොත්?2019-02-08-ent-118

ගුවන්විදුලිය මාධ්‍ය අපේ රටේ පටන් ගන්නෙ 1924 ජුනි මාසෙ 27 වෙනිද. ඒක ප‍්‍රචාරයක් විදියට නිල වශයෙන් ස්ථාවර වෙන්නෙ 1925 දෙසැම්බර් මාසෙ 16 වෙනිද. ඒ කියන්නෙ අදින් වසර 93කට පෙර. ඒ ඉතිහාසය ගවේෂණය කරද්දි ලැබෙන තොරතුරු අනුව නම් අපිට දැනෙන්නෙ විශාල ආඩම්බරයක්. අභිමානයක්. ඒ කියන්නෙ යුරෝපයේ ගුවන්විදුලි ප‍්‍රචාරයක් පටන්ගෙන දෑවුරුද්දක් යන්නටත් කලින් අපේ රටේ ගුවන්විදුලිය පටන් ගන්නව. ඒ ආසියාවෙ ප‍්‍රථම ගුවන්විදුලි මධ්‍යස්ථානය විදියට. ඉන්දියාවෙ පටන් ගන්නෙත් අපිට පස්සෙ.

ජනමාධ්‍යයක් විදියට ඒ වෙන කොට අපේ රටේ ක‍්‍රියාත්මක වුණේ පුවත්පත විතරයි. ගුවන්විදුලියෙ පැමිණීම අතිශයින් බරපතල සමාජ විපර්යාසයක් ලෙස පෙණුනෙ ඒ වෙනකොට විද්‍යුත් මාධ්‍යයක අත්දැකීම් අපේ රටට නොතිබුණු නිසා. කොහොම වුණත් මුල් කාලෙ මේක පටන් ගත්තෙ අධිරාජ්‍යවාදීන්ගෙ අවශ්‍යතා සපුරාලමින්. මුල්ම කාලෙ ප‍්‍රචාරය වුණු වැඩසටහන් ගැන අවධානය යොමු කරද්දි ඒ ගැන පැහැදිලි වෙනව. කාලගුණ වාර්තා, මාර්ග විස්තර, වෙළඳපළ තොරතුරු, බටහිර තූර්යවාදන හා අධිරාජ්‍ය නිලනිවේදන ආදිය ඒ අතර ප‍්‍රධාන වුණා. මේ හැම වැඩසටහනකින්ම අරමුණු කෙරුණෙ අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගෙ අවශ්‍යතා ඉටුකිරීම. ඒ වෙනකොට ලංකාව යටත්විජිතයක්. ඒ හින්ද සියලූ පරිපාලන කටයුතු කෙරුණෙ මව් රාජ්‍යයේ තීන්දු තීරණ අනුව යි.

 

ඔය කියන විදියට ගුවන්විදුලිය කියන්නෙ අධිරාජ්‍යවාදී මෙවලමක්. ඒක අපේ රටට උචිත පරිදි වෙනස් වුණේ කොහොමද?

ඔව්. ඒකෙ නිර්මාතෘවරු සුද්දො. බි‍්‍රතාන්‍ය ජාතික එඞ්වඞ් හාපර් තමයි අපේ ගුවන්විදුලි ප‍්‍රචාරයෙ පුරෝගාමියා. ඔහු එවකට විදුලි සංදේශ දෙපාර්තමේන්තුවෙ ප‍්‍රධාන ඉන්ජිනේරුවරය. අපේ රටේ ගුවන්විදුලියට තාක්‍ෂණය හා විශේෂඥ ඥානය ආනයනය කළේ බි‍්‍රතාන්‍යයෙන්. ඒ සඳහා අණපනත් රෙගුලාසි හැදුවෙ සුද්දො. අපේ ගුවන්විදුලියෙ පළමු අධ්‍යක්‍ෂවරය ජෝ්න් එන්. ලැම්ප්සන්. වැඩසටහන් පිළියෙල කළ නිලධාරිය පැස්කෝ තෝන්ටන්. මේ අය හැමෝම බි‍්‍රතාන්‍ය ජාතිකයො. සියල්ල සිදුවුණේ ඉංග‍්‍රීසියෙන්. කොටින්ම අපේ ගුවන්විදුලියට ස්ථිර සිංහල නිවේදකවරයෙක් පත්වුණේ 1938 ජනවාරි 01 වෙනිද. ඒ, ඞී. එම්. කොළඹගේ මහතා. එතෙක් අපට ස්ථිර සිංහල නිවේදකවරයෙක් හිටියෙ නෑ. ”ඔයසි සි ක්‍දකදපඉද ජ්කකසබට” කියල ඉංග‍්‍රීසියෙන් කරපු ඇමතීම, ”කොළඹ සිට කතා කරමි” කියල වෙනස් වුණේ ඉන් පස්සෙ.

කොහොම වුණත් ගුවන්විදුලිය වෙනමම දෙපාර්තමේන්තුවක් වුණේ 1949දි. ඉන් පස්සෙ ඇතිවුණු ප‍්‍රතිසංවිධාන කටයුතු අපිට බොහෝ සෙයින් ගැළපුනා.

 

අපේ ගුවන්විදුලි ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් ගත්තහම එදා සහ අද අතර වෙනස මොකක්ද කියල ඇහුවොත්?

සියලූ දේ වෙනස් වෙනවනෙ. කාලෙන් කාලෙට හැමදේම වෙනස් වෙනවනෙ? ඒ හින්ද ගුවන්විදුලිය විතරක් වෙනස් නොවී තියෙන්නෙ නෑ. පළමු වෙනස තමයි ප‍්‍රමාණාත්මක ලෙස සිදුවෙලා තියෙන්නෙ. ඒ කාලෙ එක නාලිකාවයි. අද වෙනකොට අපේ රටේ ලියාපදිංචි ගුවන්විදුලි නාලිකා ගණන පනහකට ආසන්නයි. ඒ අතර වෙබ් නාලිකා සියයකට වැඩියි. නමුත් සාක්‍ෂෙව ගත්තහම ගුණාත්මක වර්ධනය පිළිබඳ සෑහීමකට පත්වෙන්න බෑ. ඒ කාලෙ ගුවන්විදුලිය පරමාදර්ශි මාධ්‍යයක් තරමටම ඉහළයි. ඒත් අද ඒක බොහෝදුරට වෙනස් වෙලා. තාක්‍ෂණය ඉහළයි, ශ‍්‍රාවක සංඛ්‍යාව ඉහළයි. ඒත් විනය ශික්‍ෂණය ආචාරධර්මීය ස්වාභාවය වාගෙ කාරණා අතින් ගත්තහම අද ගුවන්විදුලිය එදාට වඩා හරිම දුප්පත්. ප‍්‍රධාන පෙළේ ගුවන්විදුලි නාලිකා කිහිපයක ඇරෙන්න බොහෝ වාණිජ නාලිකාවල භාෂා භාවිතය ගැන හිතල බලන්න. ඒව සිංහලද ඉංග‍්‍රීසිද කියල හිතන්න බැරි තරමටම පහළට වැටිල. ගුණාත්මක වැඩසටහන් නැති තරමටම බංකොලොත් වෙලා. සමහර නාලිකාවලින් ප‍්‍රචාරය වෙන්නෙ ඉතාම පහත් මට්ටමේ බාල බොළඳ ඕලාරික සින්දු විතරයි. බොහෝ ඒව සින්දුත් නෙවෙයි. පුහු ඝෝෂාවල්.

 

ඔය කියන තත්ත්වයට මේ සම්මාන උලෙළ බලපෑමක් වෙන්නෙ කොහොමද?

අපේ රටේ ගුවන්විදුලිය සපුරාම දුර්වලය හෝ පහත්ය කියන එක නෙවෙයි මම කියන්නෙ. සාපේක්‍ෂව ගත්තහම අද බොහෝ දේ යැපෙන්නෙ නඩත්තු වෙන්නෙ මුදල මත. මේ හැමෝම ලූහුබඳින්නෙ ලාබයයි ජනප‍්‍රියත්වයයි. ඒ හින්ද ගුවන්විදුලි නාලිකා දුවන්නෙ රේටින් පස්සෙ. හැමෝම කියන්නෙ අංක එක කියල.

කෙසේ වෙතත් මේ සම්මාන උලෙළ පැවැත්වීමේ අරමුණ ඉතා පුළුල්. ඒවා දිගුකාලීනව මේ සමාජයට ප‍්‍රතිඵල ලබාදෙන ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග. අද මේ කොයිකත් විකෘති වේගෙන යන ප‍්‍රවනතාව මත වුණත් සමාජයට හිතකර යහපත් වැඩසටහන් නිර්මාණය කරන ගුවන්විදුලි කලාකරුවන් ඉන්නව. පළමුවැන්න, මේ අයගෙ සද්පුරුෂ අරමුණු හා ක‍්‍රියාමාර්ග වගේම නිර්මාණශීලී දක්‍ෂතා අගය කිරීම අත්‍යවශ්‍යයි. ඒ අය සමාජය ඉදිරියෙ ජයග‍්‍රාහකයො බවට පත්කරවීම අප විසින් කළ යුතුයි. ඒක ඔවුන්ට වගේම අනෙක් අයටත් ප‍්‍රබල උත්තේජනයක් වෙනව. දෙවැන්න, ගුවන්විදුලියෙ මුල් කාල පරිච්ෙඡ්දයෙ ඒ වෙනුවෙන්ම තමන්ගෙ කාලය ශ‍්‍රමය කැප කරපු පුරෝගාමී විශිෂ්ටයො අද හුදෙකලා වෙලා ඉන්නව. මේ සමාජය ඔවුන් අඳුනන්නෙ නෑ. ඒ උත්තරීතර කලාකරුවන් ගැන අද සමාජයට හෙළිදරව් කරන්න ඕන. නන්දා ජයමාන්න, අරුන්දතී ශ‍්‍රී රංගනාදන් හා නිහාල් භාරතී වැනි කෘතහස්ත මාධ්‍යවේදීන් මෙවර ප‍්‍රතිභා ප‍්‍රණාම සම්මානයෙන් පිදුම් ලබන්නෙ ඒ අනුව යි. ඒක මේ සමාජයට දෙන පූර්වාදර්ශයක්. එබඳු සමාජ හිතකාමී සද්පුරුෂයින් සම්භාවනයට පත්කරන සමාජයත් උත්තරීතරයි නේද? අනික ඒක යහපත් පෙලඹවීමක්.

 

මේක රාජ්‍ය සම්මාන උලෙළක්නෙ? දේශපාලන බලපෑම් ගැන මොනවද කිියන්න තියෙන්නෙ?

ඔව්. මේක රාජ්‍ය සම්මාන උලෙළක්. මේ උලෙළ සංවිධානය කරන්නෙ සංස්කෘතික දෙපාර්තමේන්තුව. මග පෙන්වන්නෙ ශ‍්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය ගුවන්විදුලි උපදේශක සභාව. වියදම් කරන්නෙ ආණ්ඩුව. ඒ හින්ද මේ සියලූ දේ සෘජුවම ආණ්ඩුවට සම්බන්ධයි. හැබැයි අපි ස්වාධීනයි.