මෙයාට ඉස්සර කැමති නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සිරස සුපර් ස්ටාර්ස් පළමු අදියරෙන් කරළියට ආ දර්ශන ප‍්‍රමෝද් කා අතරත් ජනප‍්‍රිය වුණේ සංගීතය පිළිබඳව හදාරමින් හරවත් ගමනක යෙදෙන ශිල්පියකු ලෙසයි. එක් රැුයකින් ලබන ජනප‍්‍රියත්වයට වඩා ශාස්ත‍්‍රීය ගමනක යෙදී සිටින දර්ශන, අද වනවිට කටයුතු කරන්නේ ගුරුවරයකු ලෙසයි. සංගීත විශාරද දර්ශන ප‍්‍රමෝද් පසුගියදා යුග දිවියට එළැඹුණා. ඔහු අතිනත ගත්තේ ඔහු සමග එකට එකම සරසවියේ උපාධිය ලැබූ කෞමදී මධුභාෂිණී සමග. නව දිවි ගමනකට මුල පිරූ දර්ශන සහ කෞමදී සඳැල්ල කතාබහකට එක්වූයේ මෙලෙසිනි.

 

20190201Darshana-1දර්ශන දැන් ඔබ ගුරුවරයෙක්?

ඔව් සංගීත අංශයේ ගුරුවරයෙක් ලෙස දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ කටයුතු කරනවා. ඊට කලින් සෞන්දර්යය සරසවියේ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළා.

 

ඒ හැර?

ඒ හැර සුපුරුදු පරිදි සංගීත කටයුතු කරගෙන යනවා. මේ මෑතකදී ගීත කීපයකට තනු නිර්මාණය කළා. රඹුකන සිද්ධාර්ථ හිමි රචිත ගීතයකට සහ අසංග රුවන් රචිත ගීතයකට සංගීත නිර්මාණය කළා.

 

ඔබගෙ ගීත ගැන කිව්වොත්? ගොඩක් ජනප‍්‍රිය වුණේ මොන ගීතය ද?

‘පාට සිිහිනයේ’ ඒ ගීතයට වැඩි දෙනෙක් කැමැති වග පෙනෙනවා.

 

ප‍්‍රසංගවලදි ගයන්නෙ?

පාට සිහිනයේ සහ කලකට පෙරදි දර්ශන රුවන් දිසානායක කළ කුවේණි ගැන නිර්මාණය වූ ගීතය ඇතුළු කීපයක් තියෙනවා. ඇත්තම කිව්වොත් දැන් තමයි මම හරියටම ගීත ගායනය සහ නිර්මාණ කටයුතුවලට පෙළැඹී සිටින්නේ. මම අනෙක් ශිල්පීන්ගේ ගීත ගයන්නෙ ඉතාම කලාතුරකින්, මොකක් හරි විශේෂිත වැඩසටහනකදි ඒ අවශ්‍යතාව අනුව විතරයි.

 

දර්ශනගෙ ගමන බොහොම හෙමින් වගෙයි පෙනෙන්නෙ?

ඔව් ඒක හරි. ඒත් ඉස්සරහට එහෙම වෙන එකක් නැහැ.

 

එදා සුපර් ස්ටාර්ස් ගැන අද කොහොමද දැනෙන්නෙ? හැෙඟන්නෙ? ඒ විදිය ආ එක ගැන?

ඇත්තෙන්ම ගොඩාක්ම සතුටුයි. රටේ ආදරය දිනා ගන්න පුළුවන් වුණා. ඒක තමයි වැඩියෙන්ම මට වටින්නෙ. සිරස සුපර් ස්ටාර්ස් නිසා මට ලැබුණු ලොකුම දේ ජනතාවගේ ආදරය ලැබීමයි.

 

ඒ සියලූ ආදරයන් හමුවේ ඔබගේ මේ ආදරය ගැන කතා කළොත්?

මෙය සරසවියෙදි බැඳි පේ‍්‍රමයක්. මගේම බැජ් එකේ. ඒත් අපි යාළු වුණේ කැම්පස් එකෙන් අයින් වූ පසුවයි. ඒ දිනවල අපි හොඳ යාළුවෝ.

 

ඇයගෙ නම?

කෞමදී මධුභාෂිණී චන්ද්‍රසිරි.

 

ඇය කෙරෙහිම හිත ගියේ?

එයාගෙ හොඳ ගතිගුණ නිසාමයි. මව්පියන්ට ලැදි, ඉතාම සරල හොඳ කෙනෙක්.

 

ඒ තමයි ප‍්‍රථම පේ‍්‍රමය?

ඔව්, ඔව්.

 

ඇය ගැන විස්තර කිව්වොත්?

කෞමදීගෙ ගෙවල් තියෙන්නේ මාලඹේ. අම්මා, තාත්තා, අක්කා, අයියා පවුලේ අනෙක් සාමාජිකයන්.

 

ඇයත් ගීත ගයනව ද?

ඇයට ඉතා හොඳ හැකියාවක් තියෙනවා. තවම ප‍්‍රසිද්ධියේ ගයා නැතත් ඉදිරියේදී ඇය ගයාවි. හොඳ හඬක්, හොඳ හැකියාවක් ඇයට තියෙන්නෙ.

 

ඒ කියන්නෙ ඉදිරියේදි දෙන්නගෙ ප‍්‍රසංගයක් කරාවි?

ප‍්‍රසංගයක් කෙසේ වෙතත් දෙදෙනාගෙ යුග ගීත ගයාවි.

 

ඇය මොනවද කරන්නේ?

කලින් මම වගේම එයත් ලෙක්චර්ස් කළා. දැන් එයාගෙ අරමුණ ගුරුවරියක වීමටයි.20190201Darshana-2

 

කෞමදී මධුභාෂිණී

 

කෞමදී දර්ශන ගැන ඔබට ආලවන්ත හිතක් පෑදුණේ ඇයි කිව්වොත්?

මුලින්ම අපි යාළුවෝ විදියට ඇසුරු කළා. එයා හරි හොඳයි. එයා හිතන පතන විදියට මම හරි ආසයි.

 

එහෙම නැතුව එයාගෙ ගායනය නිසා නෙවෙයි ද?

නෑ නෑ.

 

කොහොමද එයා ඒ යෝජනාව ගෙනාවේ?

ඇත්තටම එයා ඒ යෝජනාව ගෙනෙද්දී මම හිටියෙ අයියා ළඟට ගිහින්. අයියා ඉන්නෙ එංගලන්තයේ. කොහොමටත් ලන්ඩන් යද්දී මටත් නිතරම එයාව මතක් වුණා. මට වීසා එක හම්බවුණු බව කිව්වාම එයා එක පාරටම ෂොක් වෙලා වගේ බලාගෙන හිටියා. මොකක් හරි දෙයක් තියෙනවා කියලා එතකොට තමයි මට තේරුණේ. ඊට පස්සෙ ගිය දවසෙ ඉඳලාම කෝල් කළා. මැසේජ් එව්වා. මම ගියේ මාස හයකට එහේ ඉන්න. ඒත් මාසයක්වත් ඉන්න ලැබුණේ නැහැ.

‘වැඩිකල් ඉන්න එපා ඉක්මණට එන්න’ කියලා මට කිව්වා. නැත්නම් ඇවිත් උස්සගෙන යනවා කියලත් කිව්වා. මම ඉතින් මාසෙකින් ආපහු ආවා.

 

ඒ කාලයේ සුපර් ස්ටාර්ස් එහෙම නරඹලා තියෙනවද?

අපොයි ඔව්. ඒ කාලයේ මම වගේම අපේ පාසලේ අනෙක් යෙහෙළියන් වැඩියෙන්ම කැමැති වුණේ ශිහාන් අයියට. ඒ හැරත් සුපර් ස්ටාර්ස් පළමු අදියරනෙ. මෙයාට ඉස්සර මම කැමැති නැහැ. ඒත් ඇත්තටම ආශ‍්‍රය කරන්න පටන් ගත්තාම තමයි දැන ගත්තෙ මෙයා කොච්චර හොඳ කෙනෙක් ද කියලා. හරිම නිහතමානි කෙනෙක්. උදුම්මාගත්ත චරිතයක් නෙවෙයි. ඒ වගේම හොඳ ශාස්ත‍්‍රීය මට්ටමේ හැකියාවක් තියෙන කෙනෙක්.

 

මේ හැර අපි නොදන්නා ඔහුගේ තවත් දක්ෂතාවක් ගැන කිව්වොත්?

ලස්සනට චිත‍්‍ර අඳින්න පුළුවනි.

 

සටහන / ජායාරූප :සඳුන් ගමගේ 

මංගල ඡායාරූපය: එඩිටින් ටේබල්

20190201Darshana-3