“ජය ශ්‍රී ඇමතිතුමා” ළඟදීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිශාන්ත වීරසිංහගේ අධ්‍යක්ෂණයක් සහ ජනිත මාරසිංහගේ නිෂ්පාදනයක් වන “ජය ශ්‍රී ඇමතිතුමා” චිත්‍රපටය ළඟදීම තිරගත කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බවට ආරංචි වෙනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස් සමඟ ටෙනිසන් කුරේ ප්‍රථම වරට එක්ව රඟන මෙම ප්‍රහසන සිනමාපටයට කුසුම් රේණු, දමිතා අබේරත්න, ගයත්‍රී ඩයස්, ජීවන් හඳුන්නෙත්ති, ඩි.බී. ගංගොඩතැන්න, ලක්ෂ්මන් අමරසේකර, ශිරෝමිකා ප්‍රනාන්දු ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රංගන දායකත්වය ලබා දෙනවා.

ජය ශ්‍රී ඇමතිතුමා හි කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි සමඟින් රවින්ද්‍ර රෝහණ, සංස්කරණය ප්‍රවීන් ජයරත්න සහ ගායනය සුනිල් පෙරේරා විසිනුයි.