How to Train Your Dragon: The Hidden World ස්කෝප් සිනමා ශාලාවේදී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-02-20-ent-152

How to Train Your Dragon: The Hidden World අද (21දා) සිට කළම්බෝ සිටි සෙන්ටර්හි ස්කෝප් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.

2019 වර්ෂයේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණික ෆැන්ටසි ගණයේ ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර, එම නමින්ම එළිදක්වා තිබූ ග්‍රන්ථයක් පාදක කරගනිමින් නිෂ්පාදනය කර තිබේ. Dream Works Animation ආයතනය මගින් නිෂ්පාදනය කර Universal Pictures ආයතනයමගින් ලොවවටා සිනමාලෝලීන් වෙත බෙදාහැරීමට නියමිත වන අතර, මෙම චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතරට ගෙන්වා බෙදාහරිනු ලබන්නේ Liberty Cinemas Ltd මගිනි.

පෙර චිත්‍රපටයේ සිදුවීම්වලින් පසු Toothless සහ Hiccup ඔවුන්ගේ මිත්‍රයන් සහ මකරුන් සමග එක්ව නැවත බර්ක් වෙත පැමිණීම නිසා ජනගහනය අධිකවීම හේතුවෙන් Hiccup තම පියා කලින් පැවසූ පරිදි සැඟවුණු ලෝකය සොයාගැනීමට උත්සාහ දරයි. මේ අතර යුද නායකයන් අල්ලාගෙන සිටින සුදු මකරා ඇමක් ලෙස භාවිත කර බලසම්පන්නමකරා අල්ලාගැනීමට උත්සාහ දරන අතර,ඔවුන්ගේ ප්‍රතිචාර දැක්වීමත් මිනිසුන් හා මකරුන්ගේ ත්‍රාසජනක සංග්‍රාමවලින් පිරි මෙම චිත්‍රපටයේ අවසානය කෙසේදයන්න ඔබත් අදම මෙම චිත්‍රපටය නරඹා අත්විඳින්න.

ජේ බාරුෂෙල්, ඇමෙරිකා ෆෙරේරා, කේට් බ්ලාන්චෙට්, ක්‍රේග් ෆර්ගසන්, එෆ් මරි ඒබ්‍රහම් මීට හඬකැවීමෙන් දායකවී තිබේ. How to Train Your Dragon: The Hidden Worldසිනමා නිර්මාණයස්කෝප් සිනමා සංකීර්ණයේදී ඩොල්බි ශබ්ද තරංග මගින් නැරඹීමේ හැකියාව පවතී.

 

 2019-02-20-ent-153 2019-02-20-ent-154 2019-02-20-ent-155 2019-02-20-ent-156 2019-02-20-ent-157 2019-02-20-ent-158 2019-02-20-ent-159 2019-02-20-ent-160 2019-02-20-ent-161