එරංගගේ පලමු ගීතය "සියුමැලි හීනෙක" නිකුත් වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190312-eranga-0

බැංකු ක්ෂේත්‍රයේ නිළධාරියෙක් ලෙස වැඩකටයුතු කරන එරංග ඔහුගේ පලමු ගීතය වන “සියුමැලි හීනෙක” ගීතය පසුගිය දිනෙක එළිදැක්වූවා. ඔහු මෙම ගීතය භාෂා ත්‍රිත්වයකින්ම ඉදිරියේදී නිර්මාණය කරන්නටත් සූදානමින් සිටිනවා. සංගීත ක්ෂේත්‍රයට නවක ගායකයෙකු වන එරංගට සාරවිට අපි ඉඩක් වෙන් කර දුන්නේ මේ විදිහටයි.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්? 20190312-eranga-4

මගේ නම එරංග අමරසිංහ. මම දැනට පෞද්ගලික බැංකුවක රැකියාවක් කරනවා. රැකියාව කරන අතරතුරේ ගීතයක් කරන්න හිතුනා. ඉතින් ඒක නිසා කරා.

ගීතය ගැන කිව්වොත්?

මේක මගේ පලමු ගීතය. ගීතයේ නම “සියුමැලි හීනෙක”. ගීතය ලිව්වේ මමයි. නමුත් ඒ පද ටික ගලපලා ගීතයකට හරවලා දුන්නේ මනෝරි රණසිංහ. එතකොට මියුසික් කරේ තිවංක පින්නවල. මියුසික් මික්ස් කරේ රෙසි අහ්මඩ්. ප්‍රඩක්ෂන් එක MR Film Productions. රූප රචනාව අධ්‍යක්ෂණය කළේ ඉඳුනිල් රත්නායක. මේ ගීතය පවුලේ හැමෝටම එකට ඉඳලා අහන්න පුළුවන්, බලන්න පුළුවන් ගීතයක්.

සංගීතයට යොමු වෙන්නේ කොහොමද?

පාසල් යන කාලේදි සාමාන්‍ය විශයක් විදිහට සංගීතය හැදෑරුවා. විවේකයක් ලැබුණාම සිංදු කියනවා. ඒ විදිහට තමයි සංගීතයට යොමු වෙන්නේ.

සියුමැලි හීනෙක ගීතය නිර්මාණය වෙන්නේ කොහොමද?

මම ඔෆිස් එකේ ඉද්දි හිතට එන පදවැල් නෝට්පෑඩ් එකක ලියලා තියෙනවා. මේ ගීතයේ වචනත් එහෙම ලියවුණේ. ඒක යාළුවෙක් දැකලා තමයි කිව්වේ මේක සිංදුවක් කරමු කියලා. ඊටපස්සේ මම මනෝරිට වචන ටික දුන්නා. එයා ඒ ටික ගලපලා අවසන් කරලා දුන්නා. එහෙම තමයි සිංදුව කරේ.

ඉදිරියටත් නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

මේක මගේ පලවෙනි ගීතය. මේ ගීතයේ මේ මෙලඩි එකටම දෙමල භාෂාවෙනුයි, ඉංග්‍රිසි භාෂාවෙනුයි ලියලා තියෙන්නේ. ඉතින් තව ටික දවසකින් මේ ගීතය මේ භාෂා තුනෙන්ම මෑෂප් විදිහට කරන්න හිතාගෙන ඉන්නේ. ඒ ප්‍රතිචාරත් එක්ක ඉදිරියටත් නිර්මාණ කරයි.

ගෙදර අයගෙන් කොහොමද ලැබෙන සහය?

ගෙදරින් මේ ගීතයට ලොකු සහයක් ලැබුණා. වීඩියෝ එකේ රංගනයෙන් දායක වෙන ගැහැණු ළමයත් අපේ නංගිගේ යාළුවෙක්. ඉතින් ඒ විදිහට හැම පැත්තකින්ම මට ගෙදරින් ලොකු සහයක් ලැබුණා.

ගීතයට සහය දීපු අය ගැන කිව්වොත්? 

ගීතයේ හැමදේටම මගේ ගෙදර අය, මගේ යාළුවෝ, මියුසික් කරපු තිවංක, රෙසි අහ්මඩ්, මනෝරි අක්කා, ඉඳනිල් රත්නායක, රංගනයෙන් දායක වුණු ජයාංගනී ප්‍රනාන්දු නංගි ඇතුළු මට උදව් උපකාර කළ හැමෝවම ආදරෙන් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20190312-eranga-2

20190312-eranga-3
සියුමැලි හීනෙක ගීතය පහතින් නරඹන්න.