ආචාර්ය දයාරත්න රණතුංග උපහාර උළෙල සහ සංගීත ප්‍රසංගය 17දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජ්‍යෙෂ්ඨ සංගීතඥ ආචාර්ය දයාරත්න රණතුංගයන් වෙත උපහාර පිදීමේ උළෙලක් ‘සවන රැඳි ගීත රසික සංසදය’ මගින් සංවිධානය කර කර තිබේ. එම උළෙල එළඹෙන 17 වැනිදා සවස 3.00ට කොළඹ 07, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන  ශ්‍රවණාගාරයේදී චිත්‍රපට සංස්ථා සභාපතිනි අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

’‘සවන රැඳි ගීත සංසදය’ විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම සංගීත ප්‍රසංගය අතරතුර ශ්‍රී ලංකාවේ ගීත කලාවේ උනන්තිය උදෙසා හරවත් මෙහෙවරක යෙදුණු කලාකරුවන් වෙත උපහාර පිදීමටද කටයුතු කරයි. ඒ අනුව මේ වනවිට දයා ද අල්විස්, කුසුම් පීරීස්, හේම ශ්‍රී ද අල්විස් හා අයිරන් අල්විස් මෙන්ම පසුගිය වසරේ උපහාරයෙන් පිදුම් ලද සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන්ද වේ.

සවන රැඳි ගීත රසික සංසදය විසින් අඛණ්ඩව 08 වැනි වරටත් පවත්වනු ලබන ගීත ප්‍රසංගය මෙවර ‘නොව පැරණිය ගී රමණිය’ තේමාවෙන් යුතුව නොමිලයේ පත්වනු ලබයි.

මෙම උළෙලේදී ආචාර්ය දයාරත්න රණතුංගයන් විසින් ‘මහා රෑ යාමේ’ හා ‘කිරි කවඩි සිනා’ යන ගීතය ගායනා කිරීමටද  සූදානමින් සිටියි. මෙම අවස්ථාවට පැමිණ සහභාගි වන්නැයි සංවිධායක සංසදය රසික පිරිස්වලට ආරාධනා කරයි.

20190314dayarathne-1