ගින්දරී 2 රූගත කිරීම් නිමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උදයකාන්ත වර්ණසූරිය විසින් නිර්මාණය කරන ගින්දරී 2 චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් මේ වන විට නිමවී තිබේ. 45දිනක් පුරා කොළඹ නගරය ආශ්‍රිතව මෙම රූපගත කිරීම් සිදුවූ අතර, මෙය ‘බහුබූතයෝ’ හා ‘ගින්දරී’ චිත්‍රපටවල 03 වැනි කොටස ලෙසින් ඉදිරිපත් කෙරේ. මෙය මෙම වසරේ තිරගත කිරීමට බලාපොරොත්තු වේ.

ටිකිරි (පබෝදා සංදීපනී) හෙවත් ගින්දරී යනු මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින අමනුෂ්‍ය ගැහැණියකි. බන්ටි (රොඩ්නි වර්ණකුල) ඇගේ සැමියා වන අතර, අසාමාන්‍ය බලයක් ඇති සුපිරි (ටිශෝන් වැන්හොෆ්) ඔවුන්ගේ පුතාවේ. මනුෂ්‍ය ලෝකයේ ඔවුන් ඉතා සතුටින් කල් ගෙවන අතර බන්ටි පුවත්පත් කාර්යාලයක ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කරයි. දිනක් අහම්බෙන් බන්ටිට තම පැරණි මිතුරා වන ලැන්ටි (මහේන්ද්‍ර පෙරේරා) මුණගැසෙන අතර ඔහු සමග යළි සබඳතා පවත්වන්නට පටන් ගනී.

තවත් දිනෙක බන්ටි තම පුතා සමග මෝටර් බයිසිකලයෙන් යන විටදී මැරයන් පිරිසක් විසින් මහ මග සිදුකරන මංකොල්ලයක් අහම්බෙන් දැක ඡායාරූපගත කරයි. පසුව මැරයෝ බන්ටි හා ඔහුගේ පුතා අල්ලා ගැනීමට උත්සහ දරති.

මේ අතර අමනුෂ්‍ය කාන්තාවන් කිහිපදෙනෙකු මිනිස් ලෝකයට පැමිණෙන්නේ ඔවුන්ගේ රැහේ අයෙකු වන ටිකිරිගේ පුතණුවන් වන සුපිරි තම ලෝකයට රැගෙන යෑමටය. ටිකිරි බන්ටි හා සුපිරි දාමරිකයන්ගෙන් හා යක්ෂණියන්ගෙන් ගැලවීමට දරන්නේ අපමණ උත්සාහයකි. ඒ සඳහා ඔවුන්ට මනුෂ්‍ය වේශයෙන් මෙලොවට වැඩසිටින දෙවිවරුන් දෙදෙනෙකුගේද සහායක් ලැබේ. අවසානයේදී සියල්ලන් අතර සිදුවන්නේ මාරක සටනකි.

  • කාර්මික ශිල්පීන්
  • කතාව, දෙබස්, තිරරචනය නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය
  • කැමරා අධ්‍යක්ෂණය - කේ.ඩී. දයානන්ද
  • සංස්කරණය හා ශබ්ද සැලසුම් - ප්‍රවීන් ජයරත්න
  • සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයරත්න
  • සංගීතය - ආනන්ද පෙරේරා
  • වේශ නිරූපනය - නලින් ප්‍රේමතිලක
  • කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්  
  • රංගනය  - පබෝදා සංදීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, චූලක්ෂි රණතුංග, ශ්‍රීනාත් මද්දුමගේ, සමන් හේමරත්න, රිචඩ් මානමුදලි, ටීනා ශනෙල්, චංචලා වර්ණසූරිය, ටිශෝන් වැන්හොෆ්, නිල්මිණි කෝට්ටේගොඩ, සරත් කොතලාවල, සරත් චන්ද්‍රසිරි, ආනන්ද අතුකෝරාල, දිලිප් රෝහණ, සුජීව මල්මාරච්චිගේ, සුනීතා විමලවීර, වසන්ත විච්චට්ටි, කීර්ති රත්නායක, උදේනි චන්ද්‍රසිරි, චවීන් විජේසිංහ

20190314film-1 20190314film-2 20190314film-3 20190314film-4