Miss Regency Queen 2019 සඳහා අයදුම්පත් කැඳවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සීතාවක Regency මගින් ඉදිරිපත් කරන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් නිරූපණ තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට පැවැත්වේ.

මේ සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවේ සිටින රූමත් තරුණියන්ට සංවිධායකයන් විසින් ආරාධනා කරන අතර, මෙහි අවසන් තරගය අප්‍රේල් මස 28 වැනිදා ‘සීතාවක Regency’හිදී පැවැත්වේ.

මෙහිදී ප්‍රථම ජයග්‍රාහිකාව සඳහා රුපියල් 100,000 /ක මුදල් ත්‍යාගයක්ද, ජයග්‍රාහිකාවගේ විවාහ මංගල්‍යය සඳහා සීතාවක Regency මගින් රුපියල් 200,000ක වවුචරයක්ද ඇතුළු තවත් වටිනා ත්‍යාග පිරිනැමේ. මීට අමතරව මැලේසියාවට යෑමට සහ ඒමට ගුවන් ටිකට්පත් සහ ඊට අමතරව තවත් ත්‍යාගද පිරිනැමේ.

රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සුමුදු වසන්ත සහ මංජුල හඳපාන්ගොඩ යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් මෙම තරගාවලිය පවත්වන අතර, මේ සඳහා අයදුම් කරන තරගකරුවන්ට මෙම වසරේ දෙසැම්බර් මස 31 දින වන විට වයස අවුරුදු 18 සිට 28 දක්වා සම්පූර්ණ විය යුතුවේ. මේ සඳහා සහභාගි වන තරගකාරියන් අවිවාහක තැනැත්තියන් විය යුතු අතර, උස අවම අඩි 5’2”විය යුතු බව සංවිධායක මණ්ඩලය පවසයි.

මෙම මස 22 වැනි දිනට ප්‍රථම මේ සඳහා අයදුම්පත් යොමු කළ යුතු අතර, මෑතකදී ගත් වර්ණ ඡායාරූප regencyqueen.sl@gmail.com වෙත යොමුකළ යුතුය. එසේත් නැතහොත් එම ඡායාරූප 0753222711 යන දුරකථන අංකයට වට්ස්අප් හරහා යොමු කිරීමේ හැකියාවද පවතී.

මේ සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණය මෙම මස 24 වැනිදා ‘සීතාවක Regency’ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ඉන් පසු ‘Mini Pageants and workshops’ පවත්වනු ලැබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ‘Miss Regency Queen 2019, සීතාවක regency’ ෆේස්බුක් පිටුවෙන්ද, regencyqueen.sl@gmail.com විද්‍යුත් තැපෑල මගින්ද, 0753 222711 (සුජානි) , 0753 222712(සදමිණි) යන දුරකථන අංක ඔස්සේද ලබාගත හැකිය.

 

2019-03-13-ent-85