රංගන ක්ෂේත‍්‍රයට එන්න ලැබුණෙත් අවුරුදු කුමරිය තරගය නිසානෙ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-60

ඇත්තටම අපේ‍්‍රල් කියන්නෙ මම ඉපදුන මාසයටත් වඩා මට වටින මාසයක්. මගේ ජීවිතේ එහෙන් පිටින්ම වෙනසක් ඇති කළා. ඒ දේ සිද්ධ වුණේ 2017 දෙරණ අවුරුදු කුමරිය තරගයේ දෙවන ස්ථානය ලබා ගැනීමත් සමග මම මේ යන්න හිටපු ගමනකුත් නෙමෙයි. මගෙ යාළුවො තමයි මාව මේ වෙනුවෙන් සම්බන්ධ කළේ.

කොහොම හරි 12 දෙනා අතරට තේරී පත් වුණාම මම ආයෙත් යන්න බෑ කියලා ගෙදර නවතින්න හැදුවෙ. මොකද මම ඉන්නෙ නුවරනෙ. කොළඹ යන්න එන්න මහන්සියි. ඉතින් අම්මා කියපු නිසා තමයි ආයෙත් ගියේ. ඒ ගිහින් තමයි අන්තිමේදී දෙවන ස්ථානය ලැබුණෙ. ඉතින් මේ හරහා හිතාගන්න බැරි විදියට ගොඩක් දේවල් මගේ ළඟට ආවා. ජීවිතේට වාසනාව ගෙනාවා. මොකද මට රංගන ක්ෂේත‍්‍රයට එන්න ලැබුණෙත් අවුරුදු කුමරිය තරගය නිසානෙ. දැන් මට රංගන ශිල්පිනියක් විදියට ලොකු ආදරයක් ප‍්‍රතිචාරයක් ලැබෙනවා. කොහේ ගියත් ඒ ගැන සතුටුයි. මේ අවුරුද්දෙත් ඉතින් වෙනදා වගේම සාමාන්‍ය විදියට අලූත් අවුරුද්ද සමරන්න තමයි හිතාගෙන ඉන්නෙ. සුභ අලූත් අවුරුද්දක් වේවා කියලත් හැමෝටම ප‍්‍රාර්ථනා කරනවා.