සුභ අලූත් අවුරුද්දක් කියලා ප‍්‍රාර්ථනා කරනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-61

2018 අපේ‍්‍රල් තමයි මගෙ ජීවිතේ හොඳම මාසය. මොකද ඒ අවුරුද්දෙ ඒ මාසයේ මගෙ ජීවිතේට ලොකු වාසනාවක් ගෙනාවා. ඒ හිරු නාළිකාවෙ අවුරුදු කුමරිය දෙවන ස්ථානය ලබාගනිමින්. ඒ ජයග‍්‍රහණයත් එක්ක මට ලස්සන ගමනක් යන්න ලැබුණා. ඒ වගේම ඒ කාල සීමාවෙ ලොකු අත්දැකීම් ටිකක් ලැබුණා. විශේෂයෙන් ප‍්‍රවීණයො එක්ක එකට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.

ලැබුණු ජයග‍්‍රහණයට වඩා එයත් ජීවිතේට ලොකු වටිනාකමක් ගෙන දුන්නා. අවුරුදු කුමරිය දෙවන ස්ථානය වීම හරහා තමයි ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට පිවිසීමට හැකි වුණේ. ඒක තමයි මගෙ ජීවිතේට ලැබුණු හොඳම තෑග්ග. මේ වෙනුවෙන් මාව යොමු කළේ මගෙ පුංචි. ඇත්තටම දිනන්න ලොකු විශ්වාසයක් තිබුණෙ නෑ ඒ වෙනුවෙන් සම්බන්ධ වෙලා හිටිය පිරිස දැක්කම. නමුත් ඉතින් ඉදිරියට යද්දි තරගකාරිත්වය වැඩිවෙද්දී මටත් දැනුණා තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා.

ඉතින් ලැබුණ ජයග‍්‍රහණයේ සතුට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අවුරුදු කුමරිය හරහා අවුරුද්දක් ඇතුළත කෙටි කාලයක් තුළ දුර ගමනක් එන්න ලැබුණා. ඒ නිසා අපේ‍්‍රල් මට කොහොමත් විශේෂයි. මේ අවුරුද්දත් වෙනදා වගේම ගෙදර අයත් එක්ක ලස්සනට සමරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුභ අලූත් අවුරුද්දක් කියලා ප‍්‍රාර්ථනා කරනවා.