කලාගමේ අවුරුදු දා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-68

 

චිලී සංගීත පුටු දෙකක් කඩයි

දෙරණ කලාගමේ අවුරුදු උත්සවය මෙවරත් පැවැත් වුණා. හැබැයි මෙවර පැවැත්වුණේ වෙනස් විදිහකටයි. මෙවර ඔවුන් අවුරුදු උළෙල තේමා කරගෙන තිබුණෙ රූකඩ මඩුව නමිනුයි. ඒ අනුව රූකඩ නම් වලින් ප‍්‍රකට වූ කණ්ඩායම් හතරකට නම්කොට නළු නිළි පිරිස ඒ කණ්ඩායම් යටතේ අවුරුදු උත්සවය හැඩ කළා.

මේ කණ්ඩායම් හතර නම් කර තිබුණේ නාග චම්පා, බන්දුසේන, මැණික්පාල, නාරිලතා, යන නම්වලින්. ප‍්‍රධාන වේදිකාව සරසලා තිබුණෙත් රූකඩ දර්ශනවල ආකෘතියකට අනුවයි.

කලාකරුවන් සියයක් පමණ පිරිසක් සහභාගී වු කලා ගමේ අවුරුදු උත්සවයේදි ප‍්‍රවීණ ශිල්පිනී සුසිලා කෝට්ටගේ ජීවිතේ පළමුවැනි වතාවට කලා ගමට ඇවිත් බල්ටියක් ගහපු බව කියන්න වෙනවා. ඒක වුණේ මෙහෙමයි. බනිස් කෑමේ තරගයේදී අනෙක් ඔක්කෝම බනිස් කාලා තරගය ඉවර කරන්න දුවගෙන ගියත්. සුසිලා බිම පෙරළි පෙරළි බනිස් කෑවා. හැමෝටම එයා හාස්‍ය රසයක් ගෙනැල්ලා දුන්නේ ඒ විදියටයි. මේ බනිස් කෑමේ තරගයේදී ජයග‍්‍රහණය කළේ උදයන්ති වුණත් ඒ ජයග‍්‍රහණය අනෙක් අය දාපු කොන්දේසි නිසා ප‍්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. බැලින්නම් එයා බනිස් කාලා තියෙන්නෙ අතින් අල්ලාගෙනයි. ඒ නිසා ඇයට පළවැනි තැන ලැබුණේ නැහැ.

සංගීත පුටු තරගයේදී ඊට පිරිමි ගැහැණු දෙපාර්ශ්වයම සහභාගී වුණු අතර සමහරු බිම වැටි වැටී පුටුවල වාඩි වුණා. ඒ වගේම දෙන්නා දෙන්නා එක පුටුවේ වාඩිවීම නිසා තරග විනිශ්චය කළ අය මුහුණ දුන්නේ දැඩි අපහසුතාවයකටයි. එහිදී හොර කිරීම් ගොඩාක්ම වුණු බව කියන්න පුළුවනි. බලාගෙන හිටපු කවුරුත් කිවවේ සාධාරණව සංගීත පුටු තරගෙට ඉදිරිපත් වුණේ චිලී විතරක් කියලයි. හැබැයි ඉතින් එයා නිසා පුටු දෙකක්ම කැඩුණා. කොහොමින් කොහොම හරි අන්තිමට දිනුවෙත් එයා.

 

සුසිලාගෙන් බල්ටියක්

මෙවර කලා ගමේ කලාකරුවන්ට රබන් පදය නමින් අලූත් ඉසව්වක් පැවැත්වුණා. එහිදී රුවන්ගිගෙ රබන් පදය නිසා හැමෝටම ගෙන දුන්නේ අපූරු වින්දනයක්. කවුරුත් දන්නා උඩ පල ගත්තත් වට්ටක්කා. රබන් පද ඇය ගැහුවේ වෙනස්ම තාලයකට. ඉතින් සමහරු කිව්වේ රුවන්ගි අලූත් රබන් පදයක් සොයගෙන කියලයි.

සංගීත පුටු තරගයේදී වෙච්ච තවත් දෙයක් තියෙනවා. ඒ තමයි සුදත්ත පිටිපසුන් ඇවිත් සසන්තිගේ පුටුවේ වාඩි වෙච්චි එක. මේ නිසා සංගීත වාදනය වන අතරේදී සමහරු පිටු පස බලමින් තමයි ඉදිරියට ගියේ.

කලා ගමේ කාන්තා කොට්ටා පොර තරගයේදී මේ දක්වා නොකඩවා එය ජයග‍්‍රහණය කළේ නදීෂා හේමමාලියි. මෙවරත් ඒ වෙනුවෙන් ඇය සැදී පැහැදී ආවත් කොට්ටාපොර තරගය මෙවර පැවැත්වුණේ නම් නැහැ. හැබැයි තේ යාරය තරගයෙන් ඒ වෙනුවට නදීෂා ජය ගත්තේ. ඒකට විශේෂ හේතුව තේ යාරය දැමීමේදී නදීෂාගේ දෑත් අනෙක් නිළියන්ගේ දෑත්වලට වඩා දිගු වීමයි.

මේක නම් පුදුම තේ යාරයක්නේ කියලා තේ යාරය ජය ගත්තාම අනෙක් හැමෝම නදීෂාට කිවවේ එහෙමයි.

මෙවර බිස්කට් කෑමේ තරග ඉසව්වකුත් තිබුණා. වැඩිපුරම බිස්කට් කෑ කෙනාට තමයි ජයග‍්‍රහණය ලැබුණෙ. හැබැයි බිස්කට් කන්න ගිහින් උගුර හිර වෙලා කීප දෙනෙක් ලොකු අමාරුවක වැටුණෙ. ඉසුරු ලොකු හෙට්ටි ආරච්චි තමයි බිස්කට් කෑමේ තරගයෙන් දින්නේ. කොච්චර නම් බිස්කට් කෑවද කියලා කිව්වොත් හැමෝම කතා වුණේ. මීට පස්සේ ඉසුරුව නිෂ්පාදකවරු නාට්‍යවලට ගන්න එකක් නැහැ කියලයි. ඇයි ඉතිං මේ කන කෑමේ හැටියට බය වෙනවනෙ. ඒත් එයා නම් කිව්වේ තරගය නිසා තමයි මෙහෙම කළේ. නැත්නම් එයා බිස්කට් කන කෙනෙක් නෙවෙයි කියලයි.

ගෝනියේ බැස දිවීමේ තරගයට සහභාගී වු නිළියන්ට අන්තිමට වතුර හොයගෙන දුවන්න සිද්ධ වුණේ.

ගෙනැල්ලා තිබුණු ගෝනි මිරිස් බහා තිබූ ගෝනි නිසයි අනෙක් පාර නම් ගෝනි චෙක් නොකර තරගයට සහභාගී නොවන බව එයාලා කිව්වේ. මිරිස් සැර ඉවසා ගන්න බැරුවයි. සමහරු අයිස් වතුරවලින් ඇඟ සෝදා ගත්තේ මිරිස් සැර වැඩිකමටයි. මේ කරපු වැඬේ නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.

කියලා මිරිස් සැර දරා ගන්න බැරිව එක් නිළියක් කිව්වා. හැන්ද මත දෙහි ගෙඩිය තබාගෙන යාමේ තරගයේදී ඊට ලැබුණෙ හොඳ ප‍්‍රතිචාර. මේ තරගය පැවැත්වෙද්දි ඊට සහභාගී වූ උදයන්තිගෙන් අසල හිටපු තව සහෝදර නිළියක් ඇහුවේ කෝ චුවින්ගම් එක කියලයි. පෙනෙන විදියට කලින් වතාවකට හොර කරන්න ගිහින් මාට්ටු වෙලා වගෙයි. විකට ඇඳුම් තරගය හැමෝටම ගෙන දුන්නේ ලොකු විනෝදාස්වාදයක්.

දන්නවනෙ සමාජ ජාලාවලට ඇබ්බැහි වු අය අතර කුවේට් කුමාරි ජනප‍්‍රියයි කියලා. කුවේට් කුමාරි විදියට එක් නිළියක් සිංදු කිව්ව අපූරුව අද මේ කලා ගමේ උත්සවයේදී දැක ගන්න පුළුවනි.

විකට ඇඳුම් තරගයේදී සාස්තර කාරියක් පේෂලගේ අත බලලා ගෑනු ළමයි සම්බන්ධව සාස්තරයක් කිව්වා. අපෝ ඒක නම් ඇත්තම තමයි කියලා සාස්තරය අහගෙන හිටපු අනෙක් අය කිව්වා. පේෂලට කී ඒ සාස්තරය වගේම කලා ගමේ වෙච්ච රස මුසු සිදුවීම් අද ඔබට දෙරණින් නරඹා දැක ගන්න පුළුවනි.

පොල් ගෑමේ තරගයේදි පොල් ගාන අතරේ කට්ටිය පොල් කෑවා කියලත් කියන්න පටන් ගත්තා.

 

පොල් ගාද්දි පොල් කාලා

කවුද ඇත්තටම පොල් කැවේ?

මම පොල් කෑවේ අව්ව නිසා. සුදු වෙන්නයි. නැත්නම් මේ අව්වේ අපි කළු වෙනවනෙ කියලා. කෙනෙක් කිව්වා. මෙන්න මේ විදියට තමයි රූකඩ වගේම හරිම හාස්‍ය රසයක් ගෙන දෙමින් කලා ගමේ අවුරුදු උත්සවය නිමා වුණේ.

 

2019-04-11-ent-70 2019-04-11-ent-62 2019-04-11-ent-63 2019-04-11-ent-64 2019-04-11-ent-65 2019-04-11-ent-66 2019-04-11-ent-67  2019-04-11-ent-69