ගවුමත් උස්සගෙන ගෙදර එද්දි අම්මා හොඳටම බැන්නා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-125

පුංචි කාලේ මම ආසම ක්‍රීඩාව තමයි කැට ගහන ක්‍රීඩාව. ඉස්සර අපේ පැත්තේ අපේ වයසේ ළමයි කට්ටිය එකතු වෙලා අවුරැද්ද ළංවෙනකොටම කැටයක් හොයාගෙන කැට ගහනවා. හැබැයි කැට ගහලා මට දිනන්නත් ඕන. මම පරදින්න ආසම නැහැ. හැබැයි ඉතින් කොහොමහරි මම දිනනවා. මට තාම මතකයි මම එක අවුරැද්දක ලස්සන ගවුමකුත් ඇඳගෙන අපේ ගෙදරට ටිකක් එහායින් තිබුණු කැටපොළට ගියා. ඉස්සර කැට ගහද්දි සල්ලිවලට වගේම ඔය සබන් කැට, බිස්කට් පැකට්, ටොෆි, චොක්ලට්වලටත් අපි ඔට්ටු තියලා කැට ගැහුවා. මට තාම මතකයි මම ඒ දිනපු සල්ලි, සබන් කැට, බිස්කට්, ටොෆි සේරම මගේ ගවුමේ දාගෙන හරි ආසාවෙන් ගෙදර ආවා. අපේ ගෙදර දොරකඩට වෙලා ගවුමත් ටිකක් උඩට උස්සගෙන එන මාව දැකපු අම්මා &ඔය මොකද?* කියලා අහද්දි මම ගෙනාපු දිනපු බඩුයි සල්ලියි අම්මට පෙන්නුවා.

මට මතක හැටියට රැපියල් දෙසිය ගාණක් එදා මට ලැබුණා. මම ලොක්කි වගේ එහෙම ගියාට මගේ ඔඩොක්කුවේ තිබුණු සල්ලියි, බඩුයි දැකපු අම්මා මට හොඳටම බැන්නා. &මම දිනලනේ මේවා ගත්තේ* කිව්වම අම්මා ඒ සේරමයි මාවයි අරගෙන කැටපොළට ගියා. ඒ ගිහින් මම දිනපු සල්ලි &ඔයාගෙන් කීයක් ගත්තද දුවේ* කිය කියා ඒ කැටපොළේ හිටපු ළමයින්ගෙන් අහලා අම්මා ඒ සල්ලියි ඒ බඩුයි සේරම බෙදලා දුන්නා. ඊට පස්සේ මට කැට ගහන්න අවසර දුන්නට සල්ලියි බඩුයි ගෙදර ගේන්න අම්මා තහනම් කළා. ඊට පස්සේ මම කැට ගැහුවා. දිනුවා. හැබැයි දිනපු එක විතරක් හිතේ තියාගෙන ඒ දිනපු හැමදෙයක්ම ඒ ළමයින්ටම දීලා මම ගෙදර ආවා. අදටත් මම කැට ගහන්න හරි ආසයි.