අලුත් ගීතයට සුදානම් වෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-11-ent-167

සිරස ‘සුපර් ස්ටාර්’ තරු මාවත හරහා සංගීත ක්ෂේත්‍රයට පැමිණි ශිරෝමි රත්නායක මේ වනවිට ජනප්‍රිය ගීත කිහිපයකම හිමිකාරියකි. සිරස රූපවාහිනි නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසද කටයුතු කරන ඇය සිය අලුත්ම ගීතයට මේ දිනවල සූදානම් වෙමින් සිටියි.

‘අලුත් අවුරුද්ද සමරන්න මගේ ම කුරූණැගලට ආවා. නගරේට වඩා අවුරුදු තියෙන්නේ ගමේ නේ. ඉතින් කුරූණැගලට මෙදා පාර හොඳටම අවුරුදු තියෙනවා. පවුලේ අයත් එක්ක සතුටින් මේ දින කිහිපය ගෙවා දාන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව අවුරුදු සතිය නිසා කුරුණෑගල අවට සංගීත ප්‍රසංග කිහිපයක් සඳහාත් සහභාගි වෙන්න හිතාගෙන ඉන්නවා. ඔය අතරේ මගේ අලුත් ගීතය ‘යශෝදරා’ ගීතය එළිදක්වන්නත් සූදානමි ඉන්නවා.