‘මායම්කාරී’ කියන්නේ සිංහල හිප්පොප් ගීතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-04-26-ent-11

‘මායම්කාරී’ මේ දිනවල යූටියුබ් ජාලය තුළ විශාල ජනප්‍රියත්වයක් උසුලන ගීතයක් බවට පත්ව තිබේ. උදය ශ්‍රී ගේ නවතම ගීතය වන මෙම ගීතය පිළිබඳව සඳහා ඔහුගේ ඉදිරිකටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ ට එකතු වූ මොහොතකි මේ.

 

මොකක්ද මේ ‘මායම්කාරී’ කියන්නේ?

‘මායම්කාරී’ කියන්නේ සිංහල හිප්පොප් ගීතයක්. හිප්පොප් කිව්වාම මතක් වෙන්නේ ඇමෙරිකානු හිප්පොප් ශෛලයයනේ. කාලයක් තිස්සේ කරගෙන ඇවිත් කරපු දෙයක්. ලංකාවේ ගතියට කරපු සික්ස් එයිට් හිප්පොප් ගීතයක්. ඒක මට ඕනේ වූනා ඩාන්ස් ට්‍රැක් එකක් එළිදක්වන්න. මොකද මගේ මෑතකදී එළිදැක්වූයේ ඔක්කෝම ආදර ගීතයි. මගේ එක ගීතයක් හිට් වුණොත් ඒකෙම එකක් කරන්න මම කැමති නැහැ. රසිකයන් ගොඩක් දෙනෙකුත් කියන්නේ අරක වගේ එකක් කරන්න කියලා. මම එහෙම කැමැත්තක් නැහැ. ඒක නිසා මම කරපු නැති දෙයක් තමයි මම ආයේ කරන්නේ. ස්ටූඩියෝ එක ඇතුලේ ඉඳගෙන එක්ස්පෙරිමන්ට් කරද්දී ආපූ එකක් තමයි ‘මායම්කාරි’ කියන්නේ. මේකේ ඇක්ටින් පැත්ත, ඩාන්සින් පැත්ත, මියුසික් ස්ටයිල් එක මට එකතු කරන්න ඕන කමක් තිබුණා. මගේ ඇක්ටින් පැත්තකුත් ගේන්න මම ට්‍රයි කලා. අනික තමයි මම දුෂ්ඨයාගේ චරිතයට ගොඩක් ආසයි. චිත්‍රපටයක් ලැබුවත් මම වීරයාට වඩා කැමති දුෂ්ඨයාගේ චරිතයටයි. ඒක නිසා තමයි මියුසික් වීඩියෝවට දුෂ්ඨයාගේ චරිතය ගෙනාවේ. මෙහෙම මියුසික් වීඩියෝවක් තමයි අවසානයේ එන්න ඕනා කියලා හිතේ චිත්‍රයක් ඇඳිලා තිබුණා. මේකේ වචනත් ලියවුණේ කරේ යම් කිසි සිද්ධියක් නිර්මාණය කරන්නයි. පසුගිය කාලේ පාතාලේ ගැනත් පුවත් නිර්මාණය වුණා නේද. ඒකත් අලලා තමයි මේ මියුසික් වීඩියෝව ප්ලෑන් කලේ. ‘මායාම්කාරි’ බිහිවුණේ එහෙම තමයි.

 

මේ වෙනස ගැන මොකද හිතෙන්නේ?

ගීතයට ප්‍රතිචාර ඉහළයි. කට්ටිය කතා කරනවා ඒ කරපු වෙනස නිසා. ඒක ලොකු වෙනක්. කවුරුත් විශ්වාස කලේ මේ වගේ ස්ටයිල් එකක් මම කරයි කියලා. මේකේ සිංහල රැප් එකක් මම කරනවා. මම ක්ෂේත්‍රයට ආවෙත් රැප් මියුසික් එක්ක තමයි. නමුත් මම කාලයක් රැප් මියුසික් මග හැරුනා. ආයෙත් දැන් ඒ වැඩේටත් අත ගැහැව්වා. දැනට ලැබෙන ප්‍රතිචාර වලින් රැප් එකට ආකර්ෂණයක් තියෙනවා කියලා පේනවා.

 

ගීත ශෛල්‍යය වෙනස් වුණේ කොහොමද?

මම 2012 දී තමයි ඒක පුද්ගල සංගීතයට එන්නේ. ඊට කලින් මම සංගීත කණ්ඩායමත් එක්කනේ වැඩකටයුතු කලේ. 2012 දී මම එක්ස්පෙරිමන්ට් ට්‍රැක් දෙකක් තුනක් කරලා තිබුණේ. නමුත් ඒකාලේ තිබුණ වාණිජකරණයට මියුසික් අහුවුණානේ. ඒ රැලි වලට මාවත් ගහගෙන යන්න හැදුවට මාව පාලනයේ තියා ගත්තා. අපි රැලි වලට ගහගෙන යන්න ගියොත් ප්‍රශ්නය වෙනවා. අපේ රසිකයන් අපෙන් බලාපොරොත්තු වෙන රසාස්වාදය දෙන්න බැරි වෙනවා. රැල්ලට සම්බන්ධ ගීත දෙකතුනකුත් ආවා. නමුත් රැල්ලට වඩා යම් කිසි වෙනසක් තිබුණා. නමුත් මම සෑහීමකට පත්වුණේ නැහැ. 2012 ඉඳන් 2015 වෙනකම් පොඩි විරාමයක් අරගෙන මම වෙනම ගීත කිහිපයක් නිර්මාණ කර ගත්තා. 2015 දී මුලින්ම දැම්මා ‘ඔයා මුවේ හසරැල් සොයා’ ගීතය. ඒ ගීතය දැම්ම කාලේ ඒවගේ ගීතය ක්ෂේත්‍රයේ තිබුණේ නැහැ. වැඩිපුර තිබ්බෙ විරහවට බර සිංදුනේ. ඉතිං 2015 ගත්ත වෙනස ටික ටික කරගෙන ඉදිරියට ආවා. මගේ වාසනවාටත්, මගේ රසිකයන්ට රසයක් තිබුණ නිසා ඒ ගීත සාර්ථක කරන්න ගන්න පුළුවන් වුණා.

 

පරියේෂණාත්මක ගීත එළිදක්වන එක කොච්චර අභියෝගයක් වෙනවාද?

ඔව්. ඒක අභියෝගයක්. මේකට විව්ස් බලාගෙන ඉල්ක්ක කරලා මම හිතන්නේ නැහැ එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් කියලා. අපි මුලින්ම හිතන්නේ ඉලක්කමයි, ජනප්‍රියත්වයයි ගැනනේ. මගේ රසිකයන්ට අවබෝධයක් තියෙනවා මගේ ගීතයක් එළිදැක්වූවායින් පසුව ආයේ එන ගීතය මේ වගේ එකක් නෙමෙයි කියලා. ඒ විශ්වාසය තමයි මට වැදගත් වෙන්නේ. මට ඒ රසික කොට්ඨාශය තෘප්තිමත් කරන්න පුළුවන් නම් මට ඒ ඇති. ඒක ලක්ෂයක්ද, මිලියනයක්ද, බිලියනයක්ද කියන විව්ස් ගැන මට අදාල වෙන්නේ නැහැ. ඒ නිසා මගේ ගමන මම හිමින් යනවා. මගේ ප්‍රසංග පැත්ත ගැන තමයි ඉලක්ක කරන්නේ. ප්‍රසංග සංවිධානය කරන සංවිධායකවරු කැමති නම් මගේ රසිකයන් කැමති නම් මට ඒ ඇති. යම් කිසි නිර්මාණයක් මගින් අලුත් රසිකයන් එකතු වෙනවා නම් මට බෝනස් එකක්. එහෙම වුණා හෝ නැතා හෝ අලුත් දෙයක් කරන්න තමයි උත්සහ කරන්නේ.

 

ඔබව රසිකයන් භාර ගන්නේ කොහොමද?

සංගීත කණ්ඩායමෙන් අයින් වුණ කාලේ ගොඩක් අය බලාපොරොත්තු වුණා හිප්පොප්, RNB කියන ශෛලයේ ගීත බලාපොරොත්තු වුණු පිරිසක් හිටියා. ඇත්තටම මගේ ඇඟෙන් එන දේ තමයි ඒ. අපි ඉස්කෝලෙ යන කාලේ ඉඳන් කරගෙන ආපු දෙයනේ අන්තීමට වෘත්තීය වුණේ. ඒ කාලේ හිප්පොප්, RNB, පොප් මියුසික් කියන පැත්තට බර ඒවා තමයි කලේ. 2012 ඉඳන් 2015 වෙනකන් මගේ කැමති ගීත එළිදැක්වීමේ පොඩි ප්‍රශ්නයක් ආවා. ඒකට මම දොසක් කියන්නේ නැහැ. ඒ කාලේ ආපු ගීත නිසා රසික පිරිස වෙනම ප්‍රතිරූපයක් මවා ගත්තා. මම ඒ ගැන කලබල වුණේ නැහැ. පස්සේ මම වෙනස් වෙන්න ගත්තා. ‘ඔය මුවේ හසරැල් සිනා’, ’සුහුඹුල් සෙනෙහේ’, ‘ගිම්හාන සිහිනේ’, ‘මායම්කාරි’ කියන මේ ගීත ඇහැව්වාම මං ගැන වෙනම අදහසක් ගන්න පුළුවන්. අලුත් පරිඝණක තාක්ෂණයත් සමග තියෙන ශබ්ද ටිකක් එකතු කර ගන්න ගමන් මෙලඩි රසයක් සහ ඩාන්ස් එක්ක කෙනෙක් කියලා හිතා ගන්න පුළුවන්. මාව පොප් හරි, රොක් මියුසික් කෙනෙක් කියලා කියන්න බැහැ. හැමදාම වෙනස් වෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන කෙනෙක් විදිහට තමයි හැමෝමට දකින්න පුළුවන් වෙන්නේ.

 

ඉදිරි නිර්මාණ කටයුතු ගැන කිව්වොත්?

‘මායම්කාරි’ එක්ක තව පොඩි දේවල් ටිකක් ඉස්සරහට එනවා. අපේ නංගිලා මල්ලිලා එකතු වෙලා පොඩි තරග විදිහේ දේවල් ටිකක් එනවා. මේ ගීතයත් එක තව ටික කාලයක් රඳව ගන්න සහ ඒ ඔස්සේ එයාලට මාත් එක්ක සම්බන්ධ වෙන්න වැඩ කිහිපයක් කරගෙන යනවා. ‘මායාම්කාරි’ එක්ක පොඩි ප්‍රසංග වගයක් සැලසුම් කරගෙන යනවා. තව ගීත නිර්මාණ දෙකක් කරලා තියෙන්නේ. මේ ගීතයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒක නිර්මාණ කරලා ඉවරයි. අප්‍රේල් නිසා සංගීත ප්‍රසංග තියෙනවානේ. ඒ වැඩ ඉවරවෙල මියුසික් වීඩියෝව කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2019-04-26-ent-07 2019-04-26-ent-08 2019-04-26-ent-09 2019-04-26-ent-10