දක්ෂ චිත්‍ර ශිල්පින් වෙනවට වඩා හොඳ චිත්‍ර ශිල්පින් වෙන්න අමාරුයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190513Anjana-1

ලංකාවේ වැඩිම චිත්‍ර ශිල්පීන් සංඛ්‍යාවක් දායකත්වය සපයන ‘මායම් නැති සායම්-2’ චිත්‍ර ප්‍රදර්ශනය හරහා ඉස්මතු වූ අංජන නයනජිත් විශේෂ වන්නේ ඔහු,අධි තාත්ත්වික චිත්‍ර කලාව සිය විලාසය බවට පත් කර ගත් නිර්මාණකරුවෙකු වීම නිසාවෙනි.ඔහු සමගින් කතාබහක නියැලීමට අප සිතුවේ එබැවිනි.

පවුලේ තොරතුරු

මම අංජන නයනජිත්.අවුරුදු විසි තුනයි.මගේ ගම කඩවත. කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හැදෑරුවේ. මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි තමයි ගෙදර ඉන්නේ.


චිත්‍ර කලාව සඳහා නැඹුරු වීම

චිත්‍ර විෂයට මම නැඹුරු වුණේ මුලින්ම තාත්තා නිසා. තාත්තා තමයි මගේ මුල්ම ගුරුවරයා. හැබැයි පාසලේඑක ශ්‍රේණියේ ඉඳන් සාමාන්‍ය පෙළදක්වා චිත්‍ර කළාට,උසස් පෙළට මම කළේ කලා විෂය ධාරාව නෙමෙයි. වාණිජ. ඒ නිසා චිත්‍ර අඳින එක මගෙන් මගහැරුණා.ඒ හින්දාමෑතකදී මමචිත්‍ර විෂයට නැඹුරු වුණේමූණු පොතේදුලංජන අයියගෙයි, සිතුම් සුදාරගෙයි සිතුවම් දැකලා. නිකමට වගේඇසක චිත්‍රයක් ඇඳලාමූණු පොතට දැම්මා. ඒකතමා අද ඉන්න තැනේ පටන්ගැන්ම.පැන්සල් සිතුවම්මුලින්ම ඉගෙන ගත්තේ දුලංජන අයියගෙන්. ඊට පස්සෙ ළහිරුඅයියා, අනුරාධඅයියලා වගෙ අයගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා.

20190513Anjana-4

තාත්ත්වික සහ අධි තාත්ත්වික චිත්‍ර කලාවට යොමු වීම

චිත්‍ර ශිල්පීන් ඔවුන්ගේ හැකියාව අනුව විවිධ මාධ්‍යයන් යොදාගනිමින් සිතුවම් කරනවා.මම නම් හුඟක් අඳින්නෙ පැන්සල් මාධ්‍යයෙන්. මමහුඟක්දුරට සිතුවම් කරන්නේ මානව හා සත්ව රූප.එතනදි මම හුඟක් උත්සාහ කරන්නේ තාත්වික, අධි තාත්විකචිත්‍ර සිතුවම් කරන්න උත්සහ කරනවා. ඒත් ඒ මට්ටමට එන්න තව හුඟ කාලයක් යයි. ‘Oil Acrylic’වගේමාධ්‍යයන් යොදාගනිමින් චිත්‍ර අඳින්නත් බලාපොරොත්තුවක් තියෙනවා.


ලාංකේය චිත්‍රකලාව

මිනිස්සුන්ගෙ තරගකාරීත්වයත් එක්ක මිනිස්සුන්ගෙ ඈත්වෙන දෙයක් විදිහටයි මම චිත්‍ර කලාව දකින්නේ. හැමෝම උත්සහ කරන්නේ ළමයින්ව වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවරයෙකු කරන්න.නැතුවචිත්‍ර ශිල්පියෙක් කරන්න නෙමෙයි.ඒ රාමුවෙන් එහා මුකුත් හිතන්නෙත් නෑ.ලංකාවේ හුඟක් දක්ෂ චිත්‍ර ශිල්පීන් ඉන්නවා.ඒත් හොඳ චිත්‍ර ශිල්පින් අඩුයි.දක්ෂ චිත්‍ර ශිල්පින් වෙනවට වඩා හොඳ චිත්‍ර ශිල්පින් වෙන්න අමාරුයි. තවත් දෙයක්. ලංකාවේ සමහරචිත්‍ර ශිල්පින් අකමැතියි අලුත්මෙවලම්පාවිච්චි කරන්න.ඒත්වෙන රටවල චිත්‍ර ශිල්පීන් ඒවා පාවිච්චි කරනවා. එහෙම අකමැතිවෙන්න හේතු නම් මම දන්නෙ නෑ. හැබැයි එහෙම අලුත්මෙවලම්පාවිච්චි කරන එකෙ වැරැද්දක් නම් මම දකින්නේ නෑ.


චිත්‍ර කලාව කෙරේ නව මාධ්‍යයේ බලපෑම

Facebook, Instagram වැනි සමාජ ජාලනිසා චිත්‍ර කලාවඉස්සරට වාඩා ජනප්‍රිය වෙලා තියනව.මේ නිසා මටත්නිහතමානී දක්ෂ චිත්‍ර ශිල්පින් හුඟක් අඳුරගන්න පුළුවන් වුණා.මේ නිසාම චිත්‍ර අඳින ප්‍රවණතාවයත් වැඩිවෙලා තියෙනවා.සමාජ ජාලවලින් එකතුවුණුචිත්‍ර ශිල්පින් එකතුවෙන් චිත්‍ර ප්‍රදර්ශන,

වැඩමුළු ආදිය පවත්වගන්න ලැබීමම ඒකට හොඳමම උදාහරණයක්.’මායම් නැති සායම්’ චිත්‍ර ප්‍රදර්ශනය තමයි ඊට ආසන්නතම නිදසුන. ඒ නිසා මේ කාලය ලංකාවේ චිත්‍රකලාවෙ හොඳ පෙරනිමිති පෙන්නන කාලයක් කියලා කියන්න පුළුවන්.


චිත්‍ර ශිල්පීන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම

කලාකරුවාගෙ පැවැත්ම ගැන කිව්වොත්චිත්‍ර ශිල්පියෙක්ම පමණක් නෙමෙයි.ඕනැම කලාකරුවකුගේ පැවැත්මට නිහතමානීකමතමයි හුඟක් බලපාන්නේ.සමහරු කැමැති නෑ කෙනෙක් දන්නෙ නැති දෙයක් ඇහුවහම කියලා දෙන්න.ඔවුන් හිතනවා ඒක එයාලගෙ පැවැත්මට බාධාවක් කියලා.දන්නෙ නැති දෙයක් ඇහුවහම කියලා දෙන එක පැවැත්මට බාධාවක් කියලා මං නම් දකින් නෑ.අනික එකමදේනැතුව මොකක්හරි අලුත් දෙයක් කරන්න පුළුවන් නම් ඒකත් බොහෝ දුරට පැවැත්මට බලපානවා.මෑතක මම දැකපු දෙයක් තමයි Pencil Portrait කරන බොහෝ දෙනෙක් ඇණවුම්වලට යොමුවී තිබීම.ඒක ආදායම් මාර්ගයක් විදිහට හොඳයි තමයි. හැබැයි ඔවුන් අඳින සිතුවම්වල දියුණුවටඒක බාධාවක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා ඇණවුම්වලට සිතුවම් කරන අතරතුර, තමන්ගෙ සිතුවම්වල දියුණුවටත් අවධානය යොමුකළොත් කලාකරුවකුට හොඳ පැවැත්මක් හදාගන්න පුළුවන්.

20190513Anjana-6
අනාගත අරමුණු හා අභියෝග

අධ්‍යාපන කටයුතු හා අනෙකුත් කටයුතුත් එක්කචිත්‍ර අඳින්න කාලයවෙන්කරගන්න එක තමයි අභියෝගය.හැබැයි මගේ ලොකුම බලාපොරොත්තුවතමයි ආර්ථික අපහසුතා ඇති චිත්‍ර අඳින්න කැමැති අය හොයාගෙන ඒඅයටඋදව්වක්කරන එක. චිත්‍ර අඳින්න කැමැති ඕනෙම කෙනෙක්ට පුළුවන් ඕන උදව්වක් කරලා ලංකාවේ චිත්‍රකලාව හොඳ තැනකට ගේන්න.

 

මාලන් විදානපතිරණ

20190513Anjana-2 20190513Anjana-3 20190513Anjana-5 20190513Anjana-7