‘තැප්‍රොබේන්’ පොත් පලස මාස තුනක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190515Sansagala-1‘තැප්‍රොබේන්’ පොත් පලස පසුගිය 09 වැනිදා ඇරැඹුණු අතර එය තැප්‍රොබේන්හි මාස තුනක් පුරා පැවැත්වෙන පළමු පොත් ප්‍රදර්ශනය වේ. උදෑසන 09 සිට රාත්‍රී 11 දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී ප්‍රදර්ශනය පිළිබඳ එහි ප්‍රධානී උපුල් ශාන්ත සන්නස්ගල සමග කතාබහක යෙදීමට අපි අදහස් කළේ එබැවිනි.

 

සියයට 50ක වට්ටමක්

පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වෙළෙඳ කුටිවලින් ඉල්ලීමක් කරල තියෙනවා සියයට 20කට එහා වට්ටම් දෙන්න එපා,පොදු එකඟතාවයට එන්න කියලා. අපි කඩේකට පොත් දාද්දි සියයට 40ක වට්ටමක් ලබාදෙනවා. ඒ නිසා මම කල්පනා කළා පාරිභෝගිකයන්ට සියයට 40ක වට්ටමක් දෙන්න.

 

දේශපාලන වාතාවරණයට හේතුව පොත් නොකියවීම

ලංකාවේ මේ වෙලාවේ පවතින දේශපාලන වාතාවරණයට ප්‍රධානතම හේතුව දැනුම සම්බන්ධ ප්‍රශ්නයක්. ප්‍රධාන මාධ්‍යවල වගේම සමාජ මාධ්‍යවල වුණත් යමක් වාර්තා කරන්න ගියාම අද පවතින ප්‍රධානතම ගැටලුව,  දැනුම සම්බන්ධ ප්‍රශ්නය. ඒ දැනුම තියෙන්නේ පොත්වල. ඒ නිසා ඒ දැනුම සමාජයට ලබාදීමටත් මේ පොත් ප්‍රදර්ශනය මම අවස්ථාවක් කර ගන්නවා.   

 

තැප්‍රොබේන් සඳහා පිවිසීමට අවස්ථාවක්

තැප්‍රොබේන් පිළිබඳ බොහෝ දෙනෙක්ට තියෙන්නේ කුකුසක්. ඒ නිසා තැප්‍රොබේන් පොත් පලස හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒ කුකුස නැති කරල තැප්‍රොබේන් සඳහා පිවිසීමේ මාර්ගයක් සකස් කර දෙන්න. මොකද මේ ප්‍රදර්ශනයට පැමිණෙන අයට අවස්ථාව ලැබෙනවා තැප්‍රොබේන් නරඹන්න. තැප්‍රොබේන් එකට ඇවිත් හැසිරෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ හින්දා මම බලාපොරොත්තු වෙනවා ඒ කුකුසත් මේ හරහා නැතිවෙයි කියලා.   

 

පැරැණි පොත් එම මිලටම

මේ ප්‍රදර්ශනයේදී මම මුද්‍රණය කළ ඉතාම පැරැණි පොත්, එකල මිලටම පාරිභෝගිකයන්ට ලබා ගැනීමට තැප්‍රොබේන් පොත් පලසට එන පාරිභෝගිකයන්ට හැකියාව ලැබෙනවා. ඒ පොත් ඒ කාලේ මිලෙන් ඉතාම අඩුයි. ඒ අතරේ පිටු 300,400 පොත් පවා තියෙනවා.

 

තොග අවසන් කර ගැනීම සඳහා

මගේ අලුත් පොත් සඳහා ඉඩකඩ වෙන් කර ගැනීමට පැරැණි පොත් තොග අවසන් කර ගැනීමට මට මේ වෙලාවේ අවශ්‍ය වෙලා තියෙනවා.

 

සියලුම දෙනාටම විවෘතයි

අම්මලට,තාත්තලට දරුවොත් එක්ක ඇවිත් රාත්‍රී 11 වෙනකම් පොත් තෝරන්න මේ ප්‍රදර්ශනයේදී අපි ඉඩකඩ හදල දීලා තියෙනවා.

මාලන් විදානපතිරණ